Yashra

Yashra

Share

Yashra

19/09/2025

ඇත්තටම ආදරේ කරන මනුස්සයෙකුට ආදරේ හංගන්න පුලුවන්ද.?

ආදරය කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාම හැඟීමක්. එය හදවත තුළ පමණක් නොව ක්‍රියාවලින්, වචනවලින්, සහ නිරන්තර සිනහවකින් පෙන්විය යුතු ම දෙයක්. “පෙන්නන්නැති ආදරේකින් වැඩක් තියෙනවද…”

ආදරය පෙන්වන්නේ නැත්නම් එය අනිත් පුද්ගලයාට නොදැනෙන හිස් හැගීමක් විතරයි.
මලකට සුවඳ නැති වගේ, ගගකට ජලය නැති වගේ, ආදරයටත් පෙන්වීමක් නැත්නම් ඒ ආදරය සම්පූර්ණ වෙන්නේ නෑ..

ඉතින් ආදරය කියන්නේ හදවත තුළ ගබඩා කරලා තැබිය යුතු ගුප්ත හැගීමක් නොවෙයි. එය බෙදාගන්න, පෙන්වන්න. ආදරය ඇත්තටම අනෙක් පුද්ගලයාට දැනෙන්නේ , එය පෙන්වූ විට පමණයි. . ඒ 'ආදරෙයි' කියන හැගීම අනික් පුද්ගලයාට දැනෙන්න සැලැස්සූ විට පමණයි..

පෙන්වන්නේ නැති ආදරයක් කියන්නේ, ගැඹුරු හැඟීමක් වගේ පෙනුනත්, සම්බන්ධයක් දීර්ඝකාලීනව ගෙනයන්න කිසිසේත්ම ප්‍රමාණවත් නොවන දෙයක්.

මොකද ඕනම මනුස්සයෙක් නොදැනෙන තැනක රැදෙනවට වඩා දැනෙන තැනක රැදෙන්න ආස කරන නිසා.

Copied

22/08/2025

මිනිසුන්ව අතහැරීම, 🥺💔

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය. අතහැරීම.

අතහරින්න;
ඔබට බොරු කරන මිනිස්සුන්ව,ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්ව, ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව, ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව,
වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව..

එතකොට ජිවිතය හරි නිදහස්. ! ♥️🫂

-Copied

08/06/2025
28/03/2025

Quote of the day 😇☘️

10/12/2024

මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ රණ්ඩු කරලා ලබාගන්න දෙයක් අපිට නෑ.

මිනිස්සුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ.

ඉතින්, මේක පුංචි චාරිකාවක් 🤍🕊

තාවකාලික නැවතුම් සදාකාලික කරගන්න මහන්සි වෙන්න එපා !!

අත්හැරෙන දේවල් අත්හැරිද්දෙන්.
මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්..
ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න !
ඔයා, ඔයාවම රැකගන්න !!

උපුටාගැනීමකි !

TikTok · Yash_🌼 21/11/2024

TikTok · Yash_🌼 56 likes, 4 comments. “ 🇧🇭 🇱🇰 #බහරේන්🇧🇭අහස_යට ”

18/11/2024

16/11/2024

show 🇧🇭 2024

13/11/2024

Working hard today to make your tomorrow brighter! 💪✨

29/10/2024

ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න
ඒ මට ලැබුණු හොඳම අවවාදය....
අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,
එක සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,
අනවශ්‍ය දේවල් ඕනවට වඩා හිතට අරගෙන ඒවා ගැන වද වෙන එක !!!
ඒත් අපි අනවශ්‍ය දේවල් ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා දන්නවද පුංචි ළමයෝ....
ඒක නිසා හිත රිදෙන දේවල් වැඩිය ගණන් ගන්න එපා !
ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දෙන්න හිතන්නවත් එපා....🍃

Copied

23/09/2024

මම කිසිම දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානගත නොවෙමි, නමුත් අපේ රටේ අනාගතය ගැන අවංකවම සැලකිලිමත් වන ඕනෑම අයෙකු සමඟ මම පෙනී සිටිමි. අන්ධ පක්ෂපාතිත්වයෙන් ඔබ්බට ගොස් අපගේ නායකයින් ගන්නා තීරණ ගැන විවේචනාත්මකව සිතීම අත්‍යවශ්‍ය වේ.

ගෑස් සහ පෙට්‍රල් පෝලිම් මගහැර යාමට හැකි වූ පමණින් රනිල් හොඳම නායකයා බව ඇතැමුන් තවමත් විශ්වාස කිරීම කණගාටුවට කරුණකි. නමුත් අපි අපෙන්ම අසාගත යුතුයි - කුමන මිලකටද? ඔහු එය කරගත්තේ කෙසේද, ඒ නිසා අපේ ජාතිය මොනතරම් ණය බරකට බර වී ඇත්ද?

මේ කියන්නේ රනිල්ට විරුද්ධ වීම හෝ කිසියම් දේශපාලකයෙකුට සහය දීම නොවේ. එය ඔවුන්ගේ ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම් අවබෝධ කර ගැනීමයි. අපට අවශ්‍ය වන්නේ කෙටි කාලීන අර්බුද නිරාකරණය කිරීම පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා තිරසාර, සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරන නායකයන් ය.

~Yash~

I don’t align with any political party, but I stand with anyone who genuinely cares about the future of our country. It's essential to move beyond blind loyalty and think critically about the decisions our leaders make.

It’s concerning that some people still believe Ranil is the best leader simply because he managed to avoid the gas and petrol queues. But we need to ask ourselves—at what cost? How did he manage to do it, and what kind of debt has our nation been burdened with because of it?

This isn’t about being anti-Ranil or supporting any particular politician. It’s about understanding the long-term effects of their policies. We need leaders who not only fix short-term crises but also focus on building a sustainable, prosperous future for Sri Lanka.

~ Yash ~

05/08/2024

ආඩම්බරකාර ගෑනු ලග
ශක්තිමත් ආදරයක් තියෙනවා !

ඒකේ ආයේ අඩුවක් කරන්නෙ නෑ පුළුවන් උපරිමෙන් කරනවා..
ලේසියකට අතක් අල්ල ගන්නෙත් නෑ .. අල්ල ගත්තු අත අතඇරලා යන්නෙත් නෑ ..
සාදාරණ හේතුවක් නැතුව..

එක මනුස්සයෙක් ගෙන් පිරිමැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා !..
එන හැම එකක් එක්කම ඇමිණෙන්න අමාරුවක් නෑ !...

එකක් කරන ගමන් තව side එකෙන් දෙක තුනක් කරන් යන්න අහේනියක් තියන් ඉන්නෙ නෑ !...

සීන් එකේ ඉන්න පිරිමි ලොකු කර ගන්නෙත් නෑ !..

ගෑනියෙක්ට respect කරන්න දන්නෙ නැති පිරිමියෙක්ට එක දෙන්නෙත් නෑ !

කියන්න ඕනි ටික නොකියා ඉන්නෙත් නෑ !
ලොකු ලොකු කයිවාරු කාරයෝ ළඟ දෙන්න යන්නෙත් නෑ !...

යන්න ඕනි තැනක තනියම හරි යන්න හයියක් තියෙනවා !..
කන්න ඕනි නම් කනවා..
බොන්න ඕනි නම් බොනවා..
ඇවිදින්න ඕනි නම් ඇවිදිනවා..
තමන් කැමති විදිහට ජිවිතේ විඳින්න දන්නවා..

කාගෙවත් limits අදාළ නෑ .. තමන්ම දාගත්තු limits තියෙනවා !

එයාල දන්නවා එයාලට ගැළපෙන දේ නොගැළපෙන දේ හරියටම...
කවුරු කොහොම judge කරත් ඒක එයාලට අදාළම නෑ ..
එයාලා කරන්නෙ එයාලගේ හිතට හරි දේ..
ලෝකෙට ඒ දේ මොක වුණත්..

එහෙම ගෑනුන්ට ජිවිතේ ගැන තමන්ගැන
වෙනම ලෝකයක් තියෙනවා ...

තමන්ගෙ ආදරේ ගැන Partner ගැන
වෙනම fantasy එකක් තියෙනවා ...
ඉතිං එහෙමගෑනු වෙනස්..

Copied

Want your business to be the top-listed Nail Salon in Manama?
Click here to claim your Sponsored Listing.

Website

Address

Manama