D K natural care

D K natural  care

Share

"A life that journeys with nature shares true happiness and peace."

02/02/2026

අපි "නුවර" කිව්වට සුද්දා "Kandy" කිව්වේ ඇයි?

"සෙංකඩගලපුර" නමේ ඇත්ත කතාව මෙන්න!
​අපි හැමෝම දන්න විදියට අද මහනුවර හඳුන්වන්නේ "Kandy" කියලා. ඒත් ඔයා දන්නවාද මේ නම හැදුණේ කොහොමද කියලා? ඒ වගේම අපේ රාජධානියට "සෙංකඩගලපුර" කියන නම ලැබුණේ ඇයි?

​මේ ඒ ගැන රසවත් ඉතිහාස කතා ටිකක්,

​"Kandy" නම ආවේ කොහොමද?
සුදු ජාතිකයන් ලංකාවට එනකොට උඩරට රාජධානිය හැඳින්වූයේ "කන්ද උඩරට" (Kanda Uda Rata) විදියටයි. පෘතුගීසීන් මේ වචනය කෙටි කරලා "Candea" (කැන්ඩියා) කියලා පාවිච්චි කළා. පස්සේ කාලෙක ඉංග්‍රීසීන් ඒක තවත් ලේසි කරලා "Kandy" බවට පත් කළා. ඒ කියන්නේ "Kandy" කියන්නේ සිංහල වචනයක් වන "කන්ද" කියන එකෙන් හැදුණු වචනයක්!

​"සෙංකඩගල" නමේ රහස,
ඉතිහාස පොත්වල සඳහන් වෙන විදියට මේ නම හැදෙන්න හේතු කිහිපයක් තියෙනවා..

උඩවත්ත කැලේ ගල් ලෙනක හිටපු "සෙංකඩ" නම් බ්‍රාහ්මණ තවුසෙක් නිසා මේ නම ලැබුණා කියන මතය තමයි ප්‍රසිද්ධම.

​සෙංකඩගල පාෂාණය, මේ ප්‍රදේශයේ තිබුණු විශේෂ වර්ණවත් ගලක් (Colored Stone) නිසා මේ නම ආවා කියලත් කියනවා.

​තුන්වන වික්‍රමබාහු රජතුමාගේ බිසවගේ නම "සෙංකන්දා" නිසා මේ නම ලැබුණා කියලත් මතයක් තියෙනවා.

ජනප්‍රවාදයේ එන ලස්සනම කතාවක් තමයි මේක, දවසක් රජතුමා දඩයමේ යනකොට දකිනවා හාවෙක් පස්සේ නරියෙක් එළවනවා. එකපාරටම හාවා ආපහු හැරිලා නරියා පස්සේ එළවන්න ගන්නවා! මේක දැක්ක සෙංකඩ තවුසා රජතුමාට කිව්වලු "රජතුමනි, මේක ජය භූමියක් (Victory Ground). මෙතන රාජධානියක් කළොත් සතුරන්ට ලේසියෙන් පරදන්න බෑ" කියලා. එහෙම තමයි සෙංකඩගල පුරවරය ඉදිවුණේ.

​අදටත් උඩවත්ත කැලේට ගියොත් ඔයාට අර "සෙංකඩ ගුහාව" (Senkanda Cave) බලාගන්න පුළුවන්. මේ photo එකේ තියෙන්නෙ ඒ ගුහාව.

​ඔයා මේ කතාව කලින් දැනගෙන හිටියාද? පහලින් comment කරන්න!

Article © I Love Kandy

26/01/2026
26/01/2026

✈️ අහසේ ජීවත් වූ මිනිසා 🌍
1987 දී, "ඉලිනොයිස්"ව්‍යාපාරික ස්ටීවන් රොත්ස්ටයින් ඔහුගේ ජීවිතය වෙනස් කරන තීරණයක් ගත්තේය - ඔහු ඇමරිකානු ගුවන් සේවයේ ගමන් කිරීම සදහා ජීවිත කාලයටම අවසර පත්‍රයක් ඩොලර් 250,000 කට මිලදී ගත් අතර, එමඟින් ඔහුට ලෝකයේ ඕනෑම තැනක අසීමිතව පළමු පන්තියේ ගමන් බිමන් යෑමට අවස්ථාව උදා කර ගත්තේය.

ඊළඟ දශක දෙක තුළ, අහස ඔහුගේ නිවස බවට නිරායාසයෙන් පත්විය.

ඒ කාලය තුළ ඔහු ගුවන් ගමන් 10,000 කට වඩා ගමන් කරන්නට විය.ඒ කාලය තුළ සැතපුම් මිලියන 40 කට ආසන්න දුරක් ගමන් කළේය...

නිව්යෝර්ක්හි උදෑසන ආහාරය, ලන්ඩනයේ දිවා ආහාරය, ටෝකියෝවේ රාත්‍රී ආහාරය...🌅
එය ඔහුගේ ජීවිතයේ පුරුදු බවට පත් විය..
සමහර විට, ඔහු ගුවන් තොටුපළවලදී හමු වූ ආගන්තුකයන්ට පවා පියාසර කිරිමේ ආශ්චර්යය බෙදා හදා ගැනීමට තමා හා එක්වන ලෙස ආරාධනා කළේය..

නමුත් 2008 දී ඔහුගේ සිහිනය අවසන් විය. ඇමරිකානු ගුවන් සේවය ඔහුගේ අවසර පත්‍රය අවලංගු කළේ ඔහුට ගුවන් ගමන් බලපත්‍රය"අයුතු ලෙස භාවිතා කිරීම" යැයි චෝදනා කරමිනි. එහෙත්, ඔහුගේ කතාව ඒ වනවිටත් පුරාවෘත්තයක් බවට පත්ව තිබුණි -ඒ නිදහස, කුතුහලය සහ දේශසීමා නොමැතිව ජීවිතය ලුහුබැඳීම පිළිබඳ කතාවක් ලෙසට..

ස්ටීවන් රොත්ස්ටයින් "ලොව වටා නොනවත්වා පියාසර කළ මිනිසා" ලෙස ප්‍රසිද්ධ විය.
සංචාරකයෙකුගේ වික්‍රමාන්විත ගමනාන්තය ගැන මේ කෙටි හැදින්වීම ඔබට ඔබගේ ඥානයට යමක් එකතු වෙනවා ඇත.
🛫

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Anuradhapura