Salon vidu

Salon vidu

Share

Designing Saree jackets and party frocks, Bridal dressing and Dress Making

29/08/2024
29/08/2024
01/01/2024
01/01/2024
19/08/2023

යලිත් හමුවුනා මට
දික්කසාද කරපු
මගේ පළවෙනි බිරිඳ ...

එක ඇඳුම
දැළි කුණු පෙරන් හිටපු
ඇයව මට එපා උනේම
එදා ඒ නිසා ....

දරුවන්ගෙ වැඩ කිය කිය
මාව මඟ හැරෙන කොට
ඇත්තමයි මන් නැවතුනා
තවත් හිතක ආදරය ලඟ...

ළමයි දෙන්නම බෑ කියපු නිසා
ඇයට වන්දි මුදලක් දී
මගෙ ආදරය ලඟ නැවතිලා
අවුරුදු විස්සක් වෙනවා....

අහම්බෙන් ආය හමුවුනා
ඇස් ගැස්සුනේ
ඒ රුව දුටු නිසා..

කැන්ඩියන් එක ඇදලා
ගාම්භීර පෙනුම එක්ක
ආස ඇස් පිහදාලා බැලුවෙ
ඇස් රැවටුනාවත් ද කියලා ....

නෑ ඇයම තමයි

කාර් එකෙන් බැස්සේ
හරි උජාරුවෙන් ..

සුවර් එකට
බර අත්තක එල්ලිලා ඇති
මටත් නොදැනීම
හිත ඉරිසියාකාරකම් න් පෙලුනා...

ඇදුමෙ පාට මාල වළලු
ඒ පාටම නිය ආලේපන
ඇය කොතරම් සුන්දරය..

ඉබේම බැලුනෙ
මන් එදා තෝර ගත්ත දැන් බිරිඳ දෙස..
හිගන්නියක් වගේ
හිමීට මටම මිමිණුවා ...

මට ඕන උනේ
ඇයව රැජිනක් කරපු
කෙනාගෙ මූණ බලන්න ...

එතකොට ම වගේ
කාර් එකේ දොර ඇරුනා
ඇයගෙ අත අල්ලන් මයි බැස්සෙ..

එච්චර ආදරයක්..
හිත හීල්ලුනා..

මගේ ලොකු පුතා..
ඔව් ඒ අත අල්ලන් බැස්සෙ එයා...

B.M.N.සඳූ බස්නායක ✍️ (සඳූ )

09/11/2022

කලින් කල ලක්බුදු සසුනට පහලවන
පිං ඇති බෝසත් හිමිවරු .........

ඒ අසිරිමත් පිංබර දිනය අදයි....

සර්වරාත්‍රික භාවනාමය බුදුගුණ දේශනාව

පුරා පැය 12කට අධික කාලයක් එකම ඉරියව්වකින්‍ සර්වඥයන්වහන්සේගේ රුව ගුණෙහි වරුණාවත්...
ගුණ රුවෙහි වරුණාවත්...
අති පූජනීය,
වන්දනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ සිත නිවන සුමධුර ස්වරයෙන් රටට ජාතියට ලෝකයට සෙත් පතා පුරා තුන් යමක් පුරා...

නොවැම්බර් මස 04 වන අද දින සවස 5.00 සිට පසුදා උදේ 7.00 දක්වා ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදාය පුදබිමේ පැවැත්වේ..

ශ්‍රද්ධාව නැමැති පහන් සිල දල්වා,

ඒ ආලෝකයෙන් නිවන් මාර්ගයේ ගමන් කරන්න...

බුද්ධ යන වචනය කණ වැකීම පවා අති දුර්ලභය..
කල්පාන්තර ගණන් දක්වා දිවෙන අබුද්ධෝත්පාද කාලයන් හමුවේ ...

අප මේ සිටින්නේ අති දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක් දෝතින් දරාගෙනය.

බුදු කෙනෙකුගේ ගුණ අනන්තය..
ගුණ නවයකට කැටි කොට දක්වා ඇත්තේ කල්ප‍යක් පුරා කීවද නිමා නොවන බුදු ගුණය...
ඒ ගුණ හරියටම දන්නේ ..

තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණි..

එවැනි බුදු කෙනෙක් දේශනා කළද බුද්ධ ජීවීතය නිමා වී ගියද, බුදු ගුණ නම් නිමා නොවේ..

බුදු ගුණ අසන්නට වාසනාව, පුණ්‍ය බලය හිමිවන්නේ මේ විශ්වයේ වසන සත්වයන්ගේ ඉතාමත් අතළොස්සකට පමණි. එසේ අනන්ත වූ බුදු ගුණ අසා සිත පහදවා ඇති කරගන්නා ශ්‍රද්ධාව හේතුවෙන් ඇතිවන කුසලයද බුදු ගුණ සේම අනන්තය...

ආනන්තරීය පාප කර්මයක විපාක ශක්තිය පවා හීන කරවන්නට ඒ එක් ශ්‍රද්ධා මාත්‍රයකට හැකියාව ඇත..

ඔබවහන්සේගේ වීර්යය හා ශ්‍රද්ධාව ඉතාම ආශ්චර්යක්....

ඔබවහන්සේ වැනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බුද්ධපුත්‍රයාණන් වහන්සේලා තව තවත් මේ මිහිමඩල මත පහල වේවා!!

ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා!!!

Want your business to be the top-listed Beauty Salon in Boralesgamuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No 442, Lake Road
Boralesgamuwa

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00