Misu Herbs
සොබාදහමත් එක්ක ලස්සන වෙන්න එන්න.
01/01/2020
🎉️🎉️HAPPY NEW YEAR ..🎉️🎉️
27/12/2019
17/10/2019
🌼🌼රන්වන් පාට සමක් 🌼🌼
අපි මුල ඉදලම කිව දෙයක් තමයි ශ්‍රී ලංකික අපිට තියෙන්නේ හරි ලස්සන සමක්, ඒ සම විෂ රසායනික ආලේපන ගාලා සුදුමැලි කරගන්නේ නැතිව ස්වබාවික සත්කාර වලින් ලස්සන කරගන්න විදිය තමයි අපි ඔයාලට කියල දෙන්නේ . අද අපි කියලා දෙන්නේ දාස්පතිය මල් වලින් සම රන්වන් පාට කරගන්න විදිය .
දාස්පතිය මල් වල සාරය ප්‍රති බැක්ටීරියා කාරකයක් වගේම ශක්තිමත් විසබීජ විනාශ කිරීමේ හැකියාවක් තියනවා සියලුම සමේ හටගන්නා අසාත්මික තත්වයන්ට නොවරදින පිළිමයක් , මල් සාරය මුහුණේ සහ සම මත ආලේප කරන එමඟින් ශරීරය මගින් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමෙන් රැළි වළක්වා ගත හැකිය. එය ස්වාභාවික මොයිස්චරයිසර් ලෙස භාවිතා කළ හැකි අතර එය තෙල් සහිත සමට නිරෝගී බලපෑමක් ඇති කරන අතර සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය සාමාන්‍යකරණය කරයි. දාස්පතියා මලෙහි විටමින් A, B1 සහ විටමින් D අඩංගු වන අතර ප්‍රතිඔක්සිකාරක වලින් පරිපුර්ණයි. දාස්පතියා මල් අඳුරු සහ සම පැහැපත් කරයි. වියළි, සංවේදී හා හානියට පත් සමටද එය යතාතත්වයට පත් කරයි. කුරුලෑ, දද සහ කැළැල් අඩු කරයි. දාස්පතියා යනු කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සහ සම පැහැපත්, නැවුම් හා දීප්තිමත් ලෙස තබා ගැනීම සඳහා ඉතා පැරණි පිළියමක් . දාස්පතියා මල්වල කැරොටිනොයිඩ්ස් නම් ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වන අතර එය පවතින රැළි වලට එරෙහිව සටන් කිරීමට සහ පාරිසරික තත්ත්වයන් නිසා ඇති වන හානිවලින් සම ආරක්ෂා කරයි. සමේ ඇතිවන තුවාල කුෂ්ට සහ අනෙකුත් ඕනෑම ආසාදනයකට පිලියමක් විදියට මෙම දාස්පතියා මල්වල සාරය ආලේප කරන්න පුළුවන්,
මුලින්ම දාස්පතියා මල් කිහිපයක් අරගෙන මලේ පෙති ටික ගලවගන්න මතක තියාගන්න මල් පෙත්තත් එක්ක තියෙන කලුපාට කොටස අයින් කරන්න . මල් පෙත්ත විතයි . පරිස්සමින් පෙති ටික ගලවාගෙන පිරිසිදු වතුරෙන් සෝදා පිරිසිදු කරගන්න . ඊට පස්සේ මේ මල් පෙති ටික අබරා ගන්න. ගොඩක් මල් තියෙන කෙනෙකුට නම් මේ මල් අව්වේ වේලලා කුඩුකරලා පිරිසිදු බෝතලේක දාලා තියාගන්න පුළුවන් . මේ අබරගත්ත පේස්ට් එකෙන් තමයි අපි අපේ සත්කාර ඔක්කොම කරන්නේ .
🌼දැන් බලමු මුලින්ම ස්ක්‍රබ් එක හදන විදිය
අබරාගත් දාස්පතිය මල් පේස්ට් තේ හැදී 01
රතු පරිප්පු කුඩු තේ හැදී 01
ප්‍රේෂ් මිලක් තේ හැදී 03
සියල්ල එකට මිශ්‍ර කර ගන්න , මද උණුසුම් වතුරෙන් මුහුණ සහ බෙල්ල පිරිසිදු කරගෙන මේ ආලේපනය තට්ටුවක් ආලේප කරන්න , මෙය සම්පුර්ණයෙන්ම වෙලුනට පස්සේ උණුසුම් වතුරෙන් ඔබගේ ඇගිලි තෙමාගෙන වක්‍රාකාරව ස්ක්‍රබ් කරමින් ආලේපනය ඉවත් කරන්න . මෙයින් මැරුණු සම ඉවත් වෙනවා වගේම මුහුණට දීප්තිමත් පෙනුමක් ලැබෙනවා, සතියට දවස් 2 මේ සත්කාරය කරාම ඇති .
දැන් බලමු පැක් වර්ග හදාගන්නේ කොහොමද කියලා
🌼වියලි සම සදහා🌼
දාස්පතිය මල් පේස්ට් තේ හැදී 01
ෆ්‍රෙෂ් මිලක් තේ හැදී 1
මී පැණි තේ හැදී 1/2
🌼තෙල් සහිත සම සදහා
දාස්පතිය මල් පේස්ට් තේ හැදී 01
යෝගට් තේ හැදී 01
දෙහි යුෂ තේ හැදී 1/2
රෝස වතුර තේ හැදී 01
🌼සාමාන්‍ය සම සදහා
දාස්පතිය මල් පේස්ට් තේ හැදී 01
කඩල පිටි තේ හැදී 01
ෆ්‍රෙෂ් මිලක් තේ හැදී 1
🌼අදුරු ලප සහිත සමකට
දාස්පතිය මල් පේස්ට් තේ හැදී 01
හාල් පිටි තේ හැදී 01
දෙහි යුෂ තේ හැදී 1/2
🌼රන්වන් පාට සමක් ලබා ගැනීමට
දාස්පතිය මල් පේස්ට් තේ හැදී 01
වැල්මී කුඩු තේ හැදී 01
රෝස වතුර 01
ඔබට අවශ්‍ය පැක් එක තෝරාගෙන මං කියල තියෙන ප්රමන් වලින් මිශ්‍රණය සාදාගන්න , පැක් එක දන්නා කලින් මද උණුසුම් වතුරෙන් මුහුණ තෙත මාත්තු කරගන්න . පැක් එක දාලා විනාඩි 20 විතර පස්සේ සාමාන්‍ය වතුරෙන් සෝදන්න . ඊට පස්සේ ටෝන කරන්න . සතියකට දවස් දෙකක් දැම්මා ම ඇති .
මේ සත්කාරය කරලා බලන්නකෝ වෙනස ඔබව පුදුම කරවයි .
🌼සුබ දවසක් - රුව සම්පත රැකගනිමු🌼
16/10/2019
🌵කවුද දන්නේ පතොක් ශාකයේ පත්‍ර වල ඇති ගුණ. 🌵
🌵අපේ රටට නම් මේක අලුත් දෙයක් උනාට ගොඩාක් රටවල් වල මේ පතොක් ශාකයේ පත්‍ර රූපලාවණ්‍ය කටයුතුවලට යොදාගන්නවා. සමට වගේම කොන්ඩෙට ගොඩාක් ප්‍රතිඵල ගෙනෙන කොමාරිකා ශාක සමාන හෝ ඊට වැඩි අව්ශදීය ගුනයක් තියෙනවා මේ පතොක් ශාකයේ.
🌵හිරු එලියට අවපැහැ ගැන්ව් අති සම යතා තත්ත්වයට පත් කර අලුත් සයිල වර්ධනය කරවීමට මේ පතොක් ශාකයේ යුශ වලට පුලුවන් . වියලි සමට පොශනය ලබාදීමට වගේම සම යට සැගවුන කැලැල් මකා දැමිමේ විශ්මිත ගුනයක් සතු මෙහි සමට හිතකර අම්ලයක් වන fatty acid ගුනයෙන්ද අනූනයි. සමට අහිතකර රසායනික ආලේපන භාවිතා කරලා සමට අත්‍යවශ්‍ය පෝෂණයක් වන කොලජන් අඩු වීම නිසා ඉරිතැලුන වියලුන සමට හොදම විසදුමක් මේ පතොක් සත්කාරය . විටමින් E අදි මාත්‍රාවක් අඩංගු පතොක් සත්කාරය ඕනම සමකට සුදුසුයි.
🌵ශාකයේ පත්‍ර වල (පත්‍ර කිවුවට මේකට කියන්නේ cactus pads කියලා ) කෝමාරිකා තරම් නොවුණු ජෙල් කොටසක් තියෙනවා ඒ කොටස කෙලින්ම මුනේ ආලේප කරන්න පුලුවන්, ආලේප කිරීමට පෙර පතොක් පත්‍රය අයිස් වතුරේ පැයක් විතර පෙගෙන්න තියන්න එහෙම නැත්තම් ෆ්‍රිජ් එකේ දාලා ටික වෙලවක් තියලා ගන්න. එතකොට ආලේප කිරීමෙන් පසු සම මතුපිට කැසීම් ඇතිවන්නේ නැ. එහෙම නත්තම් කටු ඉවත් කරගත්ත පත්‍රක් කුඩා කොටස් වලට කාපාගෙන මීපැණි තේ හැන්දක්, දෙහි යුශ තේ හැදි 2-3 එක් කරගෙන බ්ලෙන්ඩෙර් කරගෙන මුනේ ආලේප කරන්න. විනාඩ් 15 සමාන්‍ය ජලයෙන් සොදා ඉවත් කරන්න. පලමු සත්කාරයෙන්ම වෙනසක් දැනෙයි.
🌵නිරෝගී දිදුලන කෙස්කලබක් සදහා
කුඩා කොටස් වලට කපාගත් පතොක් පත්‍රයක්
පොල් තෙල් මේස හැදි 2
ආමන්ඩ් ඔයිල් මේස හැදි 1
එකට බ්ලෙන්ඩෙර් කර ගෙන ආලේප කර පැයකින් පසු සොදා ඉවත් කරන්න. පතොක් පත්‍ර වල විටමින් E බහුලවශයෙන් ඇති බැවින් මේක හිසකෙස් සදහා ඉතා හොඳ සත්කාරක්.
පතොක් තියෙන අය ට්‍රයි කරලා බලන්න.
07/10/2019
🌾🌾ලෝකයේ නරකම වල් පැලෑටිය මොකද්ද කියල කවුරුහරි ඇහුවොත් ඔබ බොහෝදුරට කියයි කලාදුරු කියලා මේකට තව තව නම් කියනවා Java Grass , Nut Grass, cyperus . අම්මෝ මේ පැලෑටිය නැති මිදුලක් ලංකාවේ නැති තරම් . ගොවියාගේ හතුරා නේද , බෝ උනොත් වසංගතයක් වගේ විනාශ කරන එකනම් එච්චර ලේසි නැ . විනාශකාරී නරක නාමයක් තිබියදීත් මේ පැළෑටියේ අල වල විශිමිත ෂධීය ගුණ ඇති අතර එහි අල වල ඉහළ පෝෂණ ගුණයක් ඇත. තන්තු, ඇමයිනෝ අම්ල සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. නට් තණකොළ වල විටමින් A, B 1 සහ E අඩංගු වන අතර කැල්සියම්, තඹ, යකඩ, මැග්නීසියම් සහ පොටෑසියම් වැනි ඛනිජ ලවණ අඩංගුයි . මේ කලාදුරු පැළෑටියේ ඖශදිය ගුණය නම් කියල ඉවර කරන්න බැරි තරම්. රෝග ගණනාවකට හොද අයුරුවේද ඖශදයක් ඒ ගැන නම් නෙමෙයි මං කියන්න යන්නේ
🌾🌾කලාදුරු ශාකයේ අපි නොදන්නා රුපලාවන්‍ය රහසක් තියෙනවා🌾🌾
හැමෝම හොයනවනේ සුදු වෙන්න පුළුවන් ආරක්ෂාකාරී වගේම ප්රතිපලදායක වියදම් අඩු ක්‍රමයක් , සුදු වෙන්න නම් අපේ සම තුල මෙලනින් නිෂ්පාදනය වීම පාලනය කල යුතුයි මෙලනින් නිෂ්පාදනය වැළැක්වීම සඳහා විවිධ රසායනික ආලේපන ඉන්ජෙක්ෂන් වගේ දේවල් තියනවා , නමුත් එම රසායනික අඩංගු කීම් භාවිතා කිරීම සමේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.පිළිකා අවදානම නිසා එම නිෂ්පාදන යුරෝපා සංගමයේ රටවල් විසින් තහනම් කර තියනවා.තහනම වැඩි උනාට පස්සේ, සමහර සමාගම් ආරක්ෂිත විකල්ප සෙවීමට පටන් ගත්තා. එතකොට තමයි සයිපෙරස් රොටුන්ඩස් නමින් හැඳින්වෙන කලාදුරු ශාකයෙන් හමුවෙන්නේ.
මේ කලාදුරු ශාකයේ සාරයේන් මුහුණේ සම මත මෙලනින් එකතු වීමෙන් ඇති වන පල්ලම් සති කිහිපයකින් ඉවත් කරයි . මෙලනින් නිෂ්පාදනය 40% කට වඩා පාලනය කරයි . සමේ අදුරු රේකා, රැලි ඉවත් කර තරුණ පෙනුමක් ලබා ගැනීමට පුළුවන්.
විෂ රසායනික ආලේපන අත් හදා බලන වෙලේ නරකද මේ ස්වබාවික අත්හදා බැලීමක් කරොත් , අහිතකර ප්‍රතිපල මුකුත් නැ.
හොදින් වැඩුනු කලාදුරු පැදුරු ටිකක් හොයාගෙන පරිස්සමින් අල ටික ගලවල ගන්න , හොදින් මඩ ඉවත් වන තුරු සෝදලා දින 3-4 හොදින් අවුවේ වෙලා ගන්න ඊට පසු කුඩු කරගන්න . ආලේපනය සදහා එයි න් කුඩු මේස හැදී 2 රෝස වතුර සමග කලවන් කර මුහුණේ ආලේප කර විනාඩි 20 පසු සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න . සතියට දින 3 පමණ කිරීම ප්‍රමාණවත් . හරිම සුවදයි මේ pawder එක. හැබැයි ප්‍රථිපල දවසෙන් දෙකෙන් නම් බලාපොරොත්තුවෙන්න එපා .
මං දන්නා විස්තරත් එක්ක හරිම අමාරුවෙන් මේ ටික සනාථ කරගත්තේ , ඉන්දියාව , නේපාලය වගේම අප්‍රිකානු රටවල් වලත් මේ cyperus rotundus රුපලාවන්‍ය නිෂ්පාදන අශ්‍රිතව යොදාගන්නවා
සුභ දවසක් හැමෝටම .!
04/10/2019
ශ්‍රි ලාංකීය අපට සොබාදහමෙන් ලැබුන ලස්සනම තෑග්ග තමයි අපේ සම. අපට අගයක් නැති බොහෝ යුරෝපිකයන්ට සිහිනයක් උන ආසියානු සම. අපට උපතින් ලැබුණු තලෙළු සම කොච්චර දැකුම්කළු ද..? ඔබ සුදු සමක් තියෙන මිනිසුන් ඉන්න රටක සංචාරය කර ඇත්නම් ඒක හොදින් දැනිලා ඇති. මටනම් ඒ වගේ අත්දැකීම් ගොඩාක් තියෙනවා . ඒ වෙලාවෙ තමයි මට හිතුනේ ඇයි අපේ රටේ කන්තාවන් සුදුවෙන්න මෙච්චර දගලන්නේ කියලා.
අපිට තියෙන ලස්සන සම පැහැපත් කරගෙන අපට ආවෙනික රන්වන් පාට වෙන්න. ස්වභාවික සත්කාර ඔනි තරම් තියෙනව. ඒකට ලොකු ලොකු වියදම් යන්නේ නැ . අපේ ගෙදර කුස්සියේ තියෙනවා ලස්සන වීමේ රහස් වට්ටෝරු ගොඩාක් .
එන්න අපි විශරසායනික ආලේපන වලින් මිදිලා ස්වභාවික දේවල් වලින් ලස්සන වෙමු. 🌵👧🌿🌹
සොබාදහම කියන්නේ හරි අපූරු දෙයක්. ඒ අපූර්වත්වය සමග ජීවත් වෙන්න. නිමක් නැති අපූර්ව දේ ඔබට ලැබේ වී. 🍀
Alerts
Be the first to know and let us send you an email when Misu Herbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Subscribe
We will notify you when anything happens in Mahawewa.