Isiwara Yoga

Isiwara Yoga

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isiwara Yoga, Health/Beauty, 24A, Station Road, Mount Lavinia.

25/07/2022
12/05/2022

යෝගා අභ්‍යාස සදහා සහභාගිවීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද?
1.මනස සන්සුන් කිරීම හා තරුණ බව රැක ගැනීමට හැකිවීම,
2.දියවැඩියාව හා ඇදුම ආදී ස්වසන ආබාධ වලින් පෙලෙන්නන් සදහා රෝග තත්වය පාලනයට උපකාරී වීම
3.රූපාලංකරනය වෙත ඇල්මක් දක්වන්නන්ට සම පැහැපත් කර ගැනීමට හැකියාව ලැබීම.
4.මාංශ පේශී ශක්තිමත් කිරීම.(Increased muscle strength and tone)
5. සිරුරේ නම්‍යශීලී බව ඇති කිරීම.(Increased flexibility)
6.ශ්වසනය පහසු වීම. (Improved respiration)
7.ශරීරයේ වැඩි බර අඩු කර ගැනීමට හා අඩු බර වැඩි කර ගැනීමට ඉවහල් වීම. (Low impact and weight loss)
8. පරිවුර්තීය ක්‍රියා මනාව පාලනය කිරීම.(Maintain Balanced metabolism)
9. කාංසාව අඩු කර ගැනීමට හැකිවීම.(Relieves Anxiety)
10. හර්දයේ නීරෝගී බව වැඩි දියුණු කිරීම. (Could Improve Heart Health)
11.සුවදායක නින්දකට උපකාරී වීම(Could Promote Sleep Quality)
12. ලිංගික ජීවිතය සාර්තකව ගත කිරීමට හැකිවීම. (It Makes S*x So Much Better)
13. හොදින් ආහාර ගැනීමට හැකිවීම.(It Can Help You Eat Better)
14. ඉරුවාරදය, හිසරදය හා මානසික ආතතිය පාලනය. (May Relieve Migraines)

22/06/2020

සිරුරට බොහෝ ගුණදෙන දෙවියන්ගේ පානය...

සියඹලා වලට ආයුර්වේදයේදී හිමි වන්නේ හරිම සුවිශේෂී තැනක්. ආහාර දිරවීම පහසු කරවන, මෘදු විරේක කාරක, උෂ්ණ වීර්යයක් සහිත සියඹලා වල තියෙන ඖෂධීය ගුණය මෙතෙකැයි කියන්න බෑ. විශේෂයෙන් සියඹලා උදරාබාධ වලට හා ප්‍රතිශක්තිය වර්ධනයට විශේෂයෙන් ගුණදෙන නිසා අපේ අත්තම්මලා කායම් හොද්දක් (තැම්බුම් හොද්දක්) හදනකොට එයට සියඹලා එකතු කරන්න අමතක කලේ නැහැ.

අප ගන්නා ආහාර වල ඇති කාබෝහයිඩ්‍රේට් සෛල වලට උරා ගැනීම සීමා කරන නිසා දියවැඩියා රෝගියෙකුට නම් මෙම සියඹලා කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි මලබද්ධය, අර්ශස්, බඩවැල් වල හටගන්නා පිළිකා නැති කරන අපූරු බලයක් ද මේ සියඹලා සතුයි.

ඒ වගේම ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය සියඹලා මඟින් හොඳට දහනය කරන නිසා කොලෙස්ටරෝල් හා තරබාරුවෙන් පීඩා විඳින අයට නම් මෙය හොඳ ඖෂධයක්.

ඉතින් එකී මෙකී නොකී මේ හැම ගුණයක්ම ඔබට නොඅඩුව ලබාදෙන සියඹලා වලින් හදන රසවත් පානයක් ගැන තොරතුරුයි අද අපි කියලා දෙන්න යන්නේ. පුළුවන් තැනකින් සියඹලා ටිකක් හොයාගෙන මේ රසවත් පානය ගෙදර අයත් එක්ක හදාගෙන බොන්න. ඊට පස්සේ මෙයින් ලැබෙන ගුණ ඔබම අත්විඳින්න.

🔴 සියඹලා පානයට සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

🔶. ටෙනිස් බෝලයක් තරම් ප්‍රමාණයකින් යුතු සියඹලා ගුලියක්
🔶. වතුර වීදුරු 03 ක්
🔶. සීනි තේ හැඳි 03 ක්
🔶. සිහින්ව කපාගත් දෙහි පෙති 08 ක්
🔶. මින්චි කොළ මිටක්
🔶. ලුණු තේ හැඳි 1/2 ක්

🔵 සාදාගන්නා ආකාරය
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

01. සියඹලා ගුලිය ගෙන පොඩි වතුර කෝප්පයක මිශ්‍රකර ඇට ඉවත් කරගන්න. සියඹලා යුෂ පමණක් වෙන්කර ගන්න.

02. එම සකසාගත් සියඹලා යුෂ හෝ පේස්ට් එකට වතුර වීදුරු තුන මිශ්‍ර කරන්න. දැන් එය පිරිසිදු සාස්පානක දමා රත්වෙන්නට තබන්න.

03. සියඹලා මිශ්‍රණය රත් වෙද්දී ලිපෙන් ගෙන එයට සීනි සහ ලුණු එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.

04. දැන් මෙසේ සාදා ගත් සියඹලා යුෂ පානය වීදුරු හතරකට දමන්න.

05. එක් වීදුරුවකට දෙහි පෙති දෙකක් සහ මින්චි කොළ කිහිපයක් බැගින් දමා පැයක් ශීතකරණයේ තබන්න.

06. මෙසේ සාදාගත් සියඹලා යුෂ පානය රාත්‍රී නින්දට පෙර සම්පූර්ණ වීදුරුවම බොන්න.

ස්ථූලතාවයෙන් පෙලෙන අයෙකුට නම් දිනපතා ද, අනෙක් අය දින දෙකකට වරක් ද මෙය පානය කරන්නේ නම් ඉහත සඳහන් සියලු ගුණ නොඅඩුව ලබාගත හැකිවේවි.

12/06/2020

සුවපත් දිවියකට මග ...

Category

Website

Address

24A, Station Road
Mount Lavinia

Alerts

Be the first to know and let us send you an email when Isiwara Yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Mount Lavinia.