IDS Production
සබ්බං පහාය ගමනීයං
11/10/2026
කෙලෙස් අප කරා පැමිණෙන්නේ හතුරෙකුගේ වේශයෙන් නොව, මිතුරෙකුගේ වේශයෙනි.
එම රැවටීමට හසු නොවී, සිත නුවණින් විමසා බලා ගුණධර්ම රැකගන්න.
10/10/2026
🪷☸️🪷☸️🪷☸️🪷☸️🪷☸️🪷☸️🪷
*•••භාග්යවතුන් වහන්සේ කෙරෙහි ඇති ශ්රද්ධාව නිවන් මගට මහත් වූ ආලොකයකි*•••
🪷____________________________🪷
""""*අප සරණ ගිය අපගේ භාග්යවත් බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයේම එකම ශාස්තෘන් වහන්සේම ය"""*.
*ඒ උතුම් වූ භාග්යවතුන් වහන්සේගේ උතුම් ගුණ කඳ සිහිකරමින්*, *ඒ උතුම් සිල් සුවඳ සිහි කරමින්*, •••~~~•••☸️🪷☸️
*🪻විශේෂ නිල් මහනෙල් මල් පූජාව*••••
සහ
🪻*ලෝ සත්වයාගේ අවිදු අදුර දුරලූ උත්තමයන් වහන්සේගේ ප්රඥා ගුණය සිහි කරමින් සිදු කරනු ලබන පහන් ආලෝක පූජාව*••••
*සිදුකරනු ලබන උතුම් පුණ්යකටයුත්ත 2026.10.17 වන සෙනසුරාදා දින උදෑසන සිට රාත්රිය දක්වා උතුම් රුවන්වැලි මහාසෑරදුන් අභියසදි* ••••
*පින් පුරන්නට කැමති පින්වත් ඔබට ඒ සදහා කරන කාරුණික ඇරයුමයි*!••••☸️🪷🙏
🪷☸️🪷☸️🪷☸️🪷☸️🪷☸️🪷☸️🪷
07/10/2026
05/10/2026
මරණයට ඔබ සුදානම් වන්න
මරණය ධර්මතාවයකි.නමුත් මැරෙන ක්රමය කර්මානුරූප වේ .ඔබ ගින්නෙන්,රිය අනතුරකින්,පිහි ඇනුමකින් ,ජලයේ ගිලීමෙන් හෝ කුමන අයුරකින් අප නොසිතන වෙලාවක ක්සනයකින් සිදු විය හැක.එබැවින් මැරෙන බව මතක තබා ජිවත් වන්න.නොපමාව කුසල් වඩන්න .අකුසලයන් කෙරෙහි අප්රමාන බිය උපදවා ගන්න .ඉපදෙන සැමට මරණය නියත වූ ධර්මතාවයකි.එබැවින් සසර කෙටිකර භව නොපතා යලි නුඋපදීම සඳහා ඔබගේ සිත සකස් කරන්න වීර්ය වඩන්න .
#පින්කෙත #බුදුදහම #බුදුබණ #ධර්මයෙහැසිරෙමු
01/10/2026
අපගේ අභිමානවත් ඓතිහාසික ලේඛනය වන මහාවංශයේ 32 වන පරිච්ඡේදය එහි ඇතුළත් වන්නේ ශ්රී ලංකාව එක්සේසත් කළ දුටුගැමුණු මහරජතුමාගේ ම #ණාසන්න මොහොත සහ උන්වහන්සේගේ ජීවිතයේ අවසාන භාගය පිළිබඳ සංවේදී තොරතුරු සමුදායයි.
රජතුමා ගිලන්ව ම #ණ මංචකයේ සිටින විට රාජකීය ලේඛකයා ලවා උන්වහන්සේගේ ජීවිත කාලය පුරා සිදු කළ "පින් පොත" කියවීමට සැලැස්වීය.
රුවන්වැලි මහා සෑය, ලෝවාමහාපාය, මිරිසවැටිය වැනි අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් කළ මහා පින්කම් රැසක් එහි අඩංගු විය.
නමුත්, මරණාසන්න මොහොතේදී රජතුමාගේ සිතට මහත් වූ ආත්ම තෘප්තියක් සහ අසීමිත ප්රීතියක් ගෙන දුන්නේ රාජ්ය ධනයෙන් කළ ඒ දැවැන්ත පින්කම්වලට වඩා, තමන් අසරණව සිටි කාලයේ අතිශය ශ්රද්ධාවෙන් සිදුකළ කුඩා පින්කමකි.
🏵️කොත්මලේදී දුන් කොස් ඇට දානය🏵️
දුටුගැමුණු මහරජු කොත්මලේ වෙස්වලාගෙන අතිශය දුෂ්කර ලෙස ජීවත් වූ කාලයේ, දිනක් කුමරුට ආහාරයට ලැබුණේ කොස් ඇට ස්වල්පයක් පමණි.
තිස්ස ඇමැතියා විසින් එය ප්රණීත ලෙස ව්යංජනයක් ලෙස පිළියෙල කළ පසු, තමන් අනුභව කිරීමට පෙර එම ස්ථානයට වැඩම කළ තිස්ස තෙරණුවන්ට (රහතන් වහන්සේට) තමන්ගේ මුළු කොස් ඇට ව්යංජනයම අතිශය භක්තියෙන් පූජා කළේය.
තමන් බඩගින්නේ සිටියදී පූජා කළ කොස් ඇට ව්යංජනය රජතුමාට මරණ මොහොතේ සුගතිය උරුම කරදීමට තරම් බලවත් විය.
මේ පින්කමක මහත්ඵල මහානිශංස ලැබෙන්නේ අප වැය කරන මුදල හෝ පින්කමේ විශාලත්වය මත නොව, එය සිදුකරන අවස්ථාවේ අප සිතෙහි ඇති වන ශ්රද්ධාව සහ කැපකිරීම මත පමණි.
📖 මූලාශ්රය:
මහාවංශය - 32 වන පරිච්ඡේදය (තුසිතපුරගමන)
(දුටුගැමුණු මහරජතුමාගේ පින් පොත කියවීමේ පුවත සහ මරණාසන්න විස්තරය)
ඔබ සැමට තෙරුවන් සරණයි..!
Alerts
Be the first to know and let us send you an email when IDS Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Subscribe
We will notify you when anything happens in Nuwara Eliya Town.