Salon Ishara

Salon Ishara

Share

Hair | Beauty | Bridal

08/04/2025

Hair Rebonding 🌟🌟

Before | After Haircut💇🏻‍♀️

Photos from Salon Ishara's post 04/04/2025

Photos from Romance Moment Event Photography's post 26/02/2024

♥️🥺

07/10/2023

හිතවත් සේවාදායකයින් වෙත.

2016 ජනවාරි 15 වන දින Salon Ishara නමින් ආරම්භ කරන ලද පුංචි ව්‍යාපාරයට අද වනතුරු නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාට ස්තුතියි!

මුලින්ම ව්‍යාපාරය ආරම්භ කිරීමට මා ගැන විස්වාසය තබා ව්‍යාපාර ස්ථානය ලබා දුන් ශිරානි මහත්මිය සහ ශාන්ත මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි වන්ත වෙනවා!

ඉතින් පුරා වසර 7ක් Salon Ishara හා සම්භන්දව මේ වනතෙක් මාගෙ සේවාව ලබාගත්තාට සහ මා සමග මෙතුවක් කල් රැදී සිටියාට මාගේ ආදරණීය සේවාදායකයින්ට බෙහෙවින්ම ස්තුතියි!

මම හිතනවා මේ කාලය තුල මම, ඔබ වෙනුවෙන් යම්කිසි සේවාවක් ඉටුකලා කියලා. ඇත්තෙන්ම මම මේ රැකියාව කලේ හරිම ආසාවෙන්. ඒකට හේතුව ඔයාලා. ඔයාලගේ සුහදශීලිත්වය නිසා මගේ වැඩ කිරීමට හරිම පහසු වුනා. අද වන විට මගේ කිසියම් දියුනුවක් තියේනම් ඒ ඔයාලා මා එක්ක රැදී සිටි නිසා කියල මා සිතනවා.

යම් යම් අවස්ථාවල පුද්ගලික හේතුන් මත salon එක දිනයක් දෙකක් වසා තැබීමෙන් වුවද ඔයාලට සිදුවන අපහසුතාවය මම දන්නවා. සමහරු මා නැවත salon එකට පැමිනෙන දිනය තෙක් බලා සිට සේවාව ලබාගැනීමට නැවත ආයතනයට පැමිනෙනවා. එවන් සේවාදායකයින් බොහෝමයක් මා සමග රැදී සිටියා. ඇත්තෙන්ම මටත් salon එකට පැමිනෙනතෙක් ඔලුවට කිසිම නිදහසක් නෑ. ඒ ගැන ගොඩක්ම දන්නෙ මගේ husband. කොහේ හෝ ගමනක් යන්න පිටත් වෙද්දිම කියන්නෙ "calls එනවා messages එනවා කියල upset අරන් අයියෝ කියල ඉන්න එපා" කියලයි. 😂

ඇත්තටම මම නිසා ඔයාලා ඇවිත් හැරිල යද්දි මට හරිම දුකයි. ඒ මට හිතෙනවා මම නිසා රස්තියාදු වෙලා ඇවිත් ගියා කියලා. ඒ නිසා මම පුලුවන් උපරිමයෙන් වගකීමෙන් සහ වගවීමෙන් මගේ job එක කරා. මටත් කලින් උදේම Salon එක ඉස්සරහට ඇවිත් මම එනකම් බලන් හිටපු අක්කලා නංගිලාට වුන අපහසුතාවයන් වලට ඇත්තෙන්ම කනගාටු වෙමි සහ මම නිසා කිසියම් හෝ අපහසුතාවයකට පත් වුනා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

ඇත්තටම මම මගෙ ජීවිතයම salon එක කියල වැඩ කල කෙනෙක්.

මට සහ මගේ ආයතනය වෙනුවෙන් ඔයාලා දුන් විස්වාසය හා ආදරය තමයි මෙතරම් කලක් ව්‍යාපාරය පවත්වාගෙන ඒමට මට මහත් ශක්තිය වුනේ. ඉතින් ඔයාලා ගැන කියන්න සහ ඔයාලට ස්තුතියි කියන්නට වචන තවත් නෑ මට.

ඉතින්, ගොඩාක් අමාරුවෙන් සහ කනගාටුවෙන් වුවත් කියන්නට සිදුවෙනවා, මට ඔබව හැරයෑමට සිදුවී ඇත.

රටේ පවතින ආර්ථික අස්ථාවරත්වය සහ අපගේ අනාගතය ගැන හිතා බලා ඉතාමත්ම අමාරුවෙන් ගත්ත තීරනයක් මේක. ජීවිතේ යම්කිසි අරමුණක් වෙනුවෙන් හීන බැදගෙන ව්‍යාපාරය තුලින්ම අරමුණු ඉටු කිරීමට සිහිනයක් මා සතුව තිබුනා. නමුත් තව දුරටත් එය යතාර්ථයක් කර ගැනීමට තරම් සුභදායී අනාගතයක් නොදැකීම නිසා, පුරා වසර 7ක කාලයක් කැපවී පවත්වාගෙන ආ Salon Ishara ආයතනය ඔක්තෝබර් මස 10වන දින සිට වසා දැමීමට සිදුවන බව ඉතාමත් කනගාටුවෙන් දැනුම් දෙමි.

ඉතින් ආයෙත් මම කියන්නම්, ඇරභුමේ සිට මේ දක්වා පුරා සත් වසක කාලයක් රැදී සිටි ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
නොදැන හෝ මා අතින් යම් වරදක් අඩුපාඩුවක් සිදු වූවානම් සමාවෙනමෙන් මින් ඉල්ලා සිටිමි.

ඔබ සෑමදෙනාටම සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි!

- Salon Ishara -

Photos from Salon Ishara's post 07/10/2023

🧚‍♀️❤️🩵🛎🌟

👩🏻💄Dressed by

Photos from Salon Ishara's post 05/10/2023

🧚‍♀️💚💚🛎🌟

👩🏻💄Dressed by

Photos from Salon Ishara's post 29/09/2023

Makeup by Salon Ishara 🩵

Photos from Salon Ishara's post 29/09/2023

Makeup by Salon Ishara 🖤🩶

Photos from Salon Ishara's post 10/09/2023

🧚‍♀️♥️❤️‍🔥🛎🌟

👩🏻💄Dressed by

Want your business to be the top-listed Beauty Salon in Bristol?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Stoke Gifford
Bristol
BS348QA

Opening Hours

Monday 9am - 5:30am
Tuesday 9am - 5:30am
Wednesday 9am - 5:30am
Thursday 9am - 5:30am
Friday 9am - 5:30am
Saturday 9am - 5:30am
Sunday 9am - 5:30am