Christable Amarasekera Beauty & Wellness

Christable Amarasekera Beauty & Wellness

Share

AYUSHLAB for Better Being

16/03/2026

🛑''සුසෑන්.. අඬන්න එපා. මම මේ මිනිස්සුන්ව එළියට ගන්න ඕනේ.''
තමන්ගේ ජීවිතය පුජා කරලා ජීවිත 2,696ක් බේරාගත් අසිරිමත් මිනිසා

"සුසෑන්... අඬන්න එපා. මම මේ මිනිස්සුන්ව එළියට ගන්න ඕනේ. මොනවා හරි වෙලා මම ආවේ නැත්නම් මතක තියාගන්න, ඔයා මගේ ජීවිතය අලුත් කළා කියලා..."

මේ වදන් පෙළ ඇහුණේ ලෝකයම හොල්ලපු 9/11 ප්‍රහාරය වෙලාවේ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුළුණේ 44 වැනි මහලේ ඉඳලා. ඒ කටහඬ අයිති රික් රෙස්කෝර්ලාට. ඔහු ඒ වෙලාවේ තමන්ගේ බිරිඳට අවසන් වරට දුරකථනයෙන් කතා කරමින් හිටියේ.

මේක නිකම්ම මරණයක් නෙවෙයි, තමන්ගේ මරණය තත්පරයෙන් තත්පරය ළඟා වෙනවා කියලා දැන දැනම, තවත් ජීවිත 2700ක් බේරගන්න තනිවම සටන් කරපු මිනිසෙකුගේ අසිරිමත් කතාවක්..

📍 රික් කියන්නේ උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුණත්, පස්සේ ඇමරිකානු හමුදාවට බැඳුණු දක්ෂ සෙබළෙක්. වියට්නාම් යුද්ධයේදී ඔහු පෑව දක්ෂතා නිසා ඔහු Battle of Ia Drang සටනේ වීරයෙක් විදියටත් හඳුන්වනවා. යුද්ධයෙන් පස්සේ ඔහු මෝගන් ස්ටැන්ලි කියන ලෝක ප්‍රකට ආයෝජන බැංකුවේ ආරක්ෂක ප්‍රධානියා විදියට වැඩ භාර ගත්තා.

රික්ට තිබුණේ අමුතුම ඉවක්. ඔහු නිතරම කිව්වේ, කවදා හරි මේ බිල්ඩින් එකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. 1993 දී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණාම, හැමෝම කලබල වුණත් රික් කිව්වේ මේක ආරම්භයක් විතරයි, ඊළඟ පාර මුන් එන්නේ අහසින් කියලා.

📢 රික් තමන්ගේ ආයතනයේ හිටපු සේවකයින් 2,700 කටම හැම මාස තුනකට වරක් ආරක්ෂිතව ඉවත් වීමේ පෙරහුරු (Evacuation Drills) කළා. මිනිස්සු මුලින් ඔහුට හිනා වුණා. අනේ රික්, මේ වගේ යෝධ ගොඩනැගිල්ලක් කොහොමද වැටෙන්නේ? මොන පිස්සුවක්ද මේ කරන්නේ? කියලා සේවකයෝ මැසිවිලි නැගුවා.

හැබැයි රික් ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඔහු මෙගාෆෝන් එකක් අරගෙන පඩිපෙළවල් දිගේ මිනිස්සුන්ට බහින්න පුහුණු කළා. හරියටම පඩිපෙළේ කොයි පැත්තෙන්ද යන්න ඕනේ, කොතැනදීද නතර වෙන්න ඕනේ කියලා ඔහු ඔවුන්ගේ ඔළුවටම කැව්වා.

✈️ උදේ 8:46 ට පළමු ගුවන් යානය උතුරු කුළුණේ (North Tower) හැපුණා. මුළු නිව්යෝර්ක් නගරයම ගිනි ජාලාවක් වුණා. දකුණු කුළුණේ හිටපු මිනිස්සුන්ට නිලධාරීන් කිව්වේ, "ඔයාලා ඉන්න තැන්වලම ඉන්න, ප්‍රශ්නයක් නැහැ" කියලා.

හැබැයි රික් ඒ නියෝගය පිළිගත්තේ නැහැ. ඔහු තමන්ගේ මෙගාෆෝන් එක අතට ගත්තා.
"හැමෝම දැන්ම බිල්ඩින් එකෙන් එළියට යන්න පඩිපෙළ දිගේ පහළට යන්න කිසිම හේතුවකට ලිෆ්ට් පාවිච්චි කරන්න එපා" රික් කෑගැහුවා.

ඔහුගේ පුහුණුව නිසාම, මෝගන් ස්ටැන්ලි සේවකයෝ 2,700ක් කිසිම කලබලයක් නැතුව පඩිපෙළ දිගේ පහළට බහින්න ගත්තා. හරියටම මිනිත්තු 15කට පස්සේ, දෙවැනි යානය රික් හිටපු දකුණු කුළුණේම හැපුණා. බිල්ඩින් එකම දෙදරලා ගියා. දුමෙන් සහ ගින්නෙන් මුළු ප්‍රදේශයම වැසුණා.

🎶 මිනිස්සු බය වෙලා කෑගහද්දී, රික් මොකද කළේ දන්නවද? ඔහු තමන්ගේ මෙගාෆෝන් එකෙන් සින්දු කියන්න ගත්තා. ඔහු තමන්ගේ උපන් ගම වුණු කෝන්වෝල්වල පැරණි ගීත ගයමින් මිනිස්සුන්ව ධෛර්යමත් කළා. "කවුරුවත් කලබල වෙන්න එපා, ඔයාලා දැන් ඉන්නේ ආරක්ෂිතව, දිගටම පල්ලෙහාට යන්න" ඔහු කිව්වා.

ඔහුට පුළුවන්කම තිබුණා තමන්ගේ පණ බේරගෙන මුලින්ම එළියට යන්න. හැබැයි රික් කළේ පඩිපෙළ දිගේ ඉහළට යන එක. ඔහු හැම තට්ටුවකටම ගිහින් කවුරුහරි ඉතිරි වෙලා ඉන්නවද කියලා බැලුවා.

අවසාන වතාවට ඔහුව දැක්කේ 10 වැනි මහලේදී. ඒ වෙලාවේ කෙනෙක් ඔහුට කිව්වා "රික්, දැන්වත් එළියට යන්න, බිල්ඩින් එක කඩන් වැටෙන්නයි යන්නේ" කියලා. රික් දුන්න උත්තරය අදටත් ලෝකයම කම්පා කරනවා "මම තවමත් මගේ මිනිස්සුන්ව බේරගෙන ඉවර නැහැ..."

🕯️මිනිත්තු කිහිපයකින් දකුණු කුළුණ මුළුමනින්ම කඩාවැටුණා.. රික් රෙස්කෝර්ලා ඒ සුන්බුන් අතරේ සදහටම සැඟවුණා.

හැබැයි ඒ කැපකිරීමේ ප්‍රතිඵලය..? මෝගන් ස්ටැන්ලි ආයතනයේ සේවකයෝ 2,700ක් අතරින් මියගියේ රික් ඇතුළු හතර දෙනෙක් විතරයි. රික්ගේ ඒ "පිස්සු පුහුණුවීම්" සහ එදා ඔහු පෙන්නපු අසීමිත ධෛර්යය නිසා ජීවිත 2,696ක් බේරුණා.

රික් රෙස්කෝර්ලා කියන්නේ සෙබළෙක්, නායකයෙක් වගේම මනුෂ්‍යත්වයේ සංකේතයක්. තමන්ගේ මරණය තත්පර ගණනකින් සිද්ධ වෙනවා කියලා දැනගෙනත්, අනුන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පුළුවන් මිනිස්සු ලෝකයටම ඉන්නේ ඉතාම අතළොස්සයි.

ඔබත් ඔබේ ජීවිතයේ දුෂ්කරම මොහොතක ඉන්නවා නම්, රික්ව මතක් කරගන්න. බය වෙන්න එපා, අනුන් වෙනුවෙන් යමක් කරන්න ලැබීමම වාසනාවක්.

Rest in Peace, Rick Rescorla. සැබෑ වීරයෝ කවදාවත් මැරෙන්නේ නැහැ! 🇱🇰🙏

02/01/2026

Let’s Embrace Challenges as Opportunities for growth and Development. Knowing that each step forward brings us closer to SUCCESS.
Wish you a very happy and Successfull New year 2026!!!

Category

Telephone

Address


Subuthipura
Battaramulla

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when Christable Amarasekera Beauty & Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Battaramulla.