Simple Minimalist Life

Simple Minimalist Life

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Simple Minimalist Life, Health/Beauty, Battaramulla.

This page is my journey , filled with faith that keeps me steady, hope that keeps me moving, and love that keeps me whole.Through stories, reflections, and little bits of positivity, I wish to spread warmth and kindness to anyone who stops by.

Colombo Literary Festival 2026 | Author Meet up | Books | Sinhala Youtuber | Sri Lanka 27/07/2026

මේ දවස් වල හැමෝම කතා වෙන Colombo Literary Exhibition එකේ වීඩීයෝ එක තමා අද මම ඔයාලට අරගෙන ආවේ .

වීඩියෝ එක බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා . ආදරෙයි 🌹🌹
#සිංහල #පොත්

Colombo Literary Festival 2026 | Author Meet up | Books | Sinhala Youtuber | Sri Lanka Hi, I'm Nilukshi. I warmly welcome you to my YouTube Channel. Life ...

17/02/2026

ප්‍රීතිමත් ජීවිතයකට🎀

❤️ ඔයාලා අදහන ආගම මොකක් වුනත් ඒ දේ ගැන මෙනෙහි කරන්න දවසින් සුලු වෙලාවක් වෙන් කරන්න.ආගමක් මෙනෙහි කරන එකෙන් අපේ හිතට ලොකු ශාන්තියක් වගේම හිතට ලොකු නිදහසක් ලැබෙනවා.පුලුවන් නම් සතියකට දවසක් ඔයාලගේ ආගමික ස්ථානයකට ගිහින් ටික වේලාවක් ගත කරලා එන්න.

❤️ සතිඅන්තයේ පැය කිහිපයක් අරගෙන ඔයාට කාලෙකින් අස් කරන්න බැරිවුන අල්මාරියක් එක්කෝ cupboard එකක් වගේ තැනක් හොදට වේලාව අරගෙන අස් කරන්න.ඔයාට පාවිච්චි කරන්න බැරි දේවල් අයින් කරන්න නැත්තම් කාටහරි ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ට දෙන්න.නිකන් ඒ දේවල් ගොඩගහන් ඉන්නවට වඩා ඒ දේවල් වලින් පලක් තියන දෙයක් කලොත් හිතට ලොකු නිදහසක් අනිවාර්යයෙන් දැනේවී.දෙන්න දෙන්න ලැබෙනවා කියන එකත් ලමයි අමතක කරන්න එපා.

❤️ මේ දේ නම් කරන්න ටිකක් අමාරු වෙයි.ඒත් මාත් කරන්න උත්සාහ කරන්න ඕනි දෙයක්.සතියෙන් එක දවසක් සම්පූර්ණයෙන්ම Phone , laptop වගේ තාක්ෂණික මෙවලම් අයින් කරලා පවුලේ අය එක්ක එයාලට මූලිකත්වය දීලා ගත කරන්න.අපි අපේ ජීවිතේ ගොඩක් වෙලා ගෙවන්නේ තාක්ෂණික මෙවලම් එක්කනේ.අපේ පවුල් වල සම්බන්ධතා වැඩි කරගන්න මෙහෙම දවසක් තියාගන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ.අනිත් එක වෙහෙස වෙන ඇස් වලටත් හොද නිවාඩුවක්නේ.

❤️ ගොඩක් අයට මස් මාලු කන්නේ නැතුව ඉන්න අමාරුයි.ඒත් පොඩ්ඩක් හිතන්න අපේ ජීර්ණ පද්ධතියට ගොඩක් ලොකු ශක්තියක් වැය වෙනවා මේ ප්‍රෝටීන් ජාති ජීරණය වෙන්න.එක දිගට මේ ක්‍රියාවලිය වෙනකොට ඒකේ කාර්‍යක්ශමතාව ටික ටික අඩු වෙන්න පුලුවන්.ඉතින් අපි සතියකට එක දවසක් හරි මස් මාලු නොකා නිර්මාංශ වෙනවා නම් අපේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි.

❤️ ඔයාගේ ඇගට ගැලපෙන ඔයාට හොදයි කියලා හිතෙන ඔයා ආස ඇදුම් අදින්න.අරයා මොනා කියයිද ? අය්යෝ මගේ වයසට මේවා ගැලපෙන්නේ නැහැ වගේ හිතෙන මනස්ගාත මේ මොහොතෙම අයින් කරලා දාන්න.ඔයාගේ ජීවිතේ ඔයා ආස විදිහට ගෙවන්න.සමාජෙට ඔයාව පාලනය කරන්න දෙන්න එපා.Boaring ඇදුම් ඇද ඇද ගෙවන්න තරම් අපිට ලොකු කාලයක් නැහැ මේ ලොකේ.ඒක මතක තියාගන්න.ජීවිතේ විදින්න පොඩි කාලයයි අපිට ලැබිලා තියෙන්නේ.ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

#සිංහල

Photos from Simple Minimalist Life's post 01/01/2026

❤️❤️ 2025ට මගේ ස්තුති කතාව ❤️❤️

2025 අවුරුද්ද කියන්නේ මගේ ජීවිතේ අලුතින්ම පටන් ගත්ත අවුරුද්දක් . මානසික සෞඛ්‍ය අධ්‍යාත්මික ආර්ථික අතින් 2024 ට වඩා ඉදිරියෙන් හිටපු අවුරුද්දක්. 2024ට සාපේකශව 2025 අවුරුද්දේ ගොඩක් තැන් වල මම ඇවිද්දා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා . මිනිස්සු කවුද කියලා තේරුම් ගත්තා. ගොඩක් අයට උදව් කරන්න තෑගි දෙන්න වගේම මටත් තෑගි ගොඩක් ලැබුන අවුරුද්දක්.

අම්මා තාත්තා පවුලේ අය එක්ක මග ඇරිලා තිබුන සම්බන්ධතා ආපහු මුල ඉදන්මම පටන් ගත්ත අවුරුද්දක් .

ඉතින් මගේ ආදරණීය 2025 මට ඔයා උගන්නපු හැම පාඩමකටම වගේම හැම ආදරනීය මොහොතකටම ගොඩක් ස්තුති.

ඒ වගේම මගේ ආදරණිය 2026 මම බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියට එන කාලය තුල ඔයා කරුණාවන්ත වෙලා මාව ආදරෙන් බලා ගනී කියලා . මොකද මම ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️

මේ තියෙන්නේ 2025 මගේ ආදර්ණීය මතකයන්ගෙන් බොහොම පොඩ්ඩක් ❤️❤️

Photos from Simple Minimalist Life's post 21/12/2025

❤️❤️ මේ සුමිහිරි නත්තලේදී මා හට මා විසින් ගෙදරදීම කරගන්නා ලද ලස්සන නත්තල් Nail art එක ❤️❤️

This sweet Christmas season, here’s the beautiful Christmas nail art I did for myself at home. 🎄✨

17/12/2025

මොනම වෙලාවකවත් මනුස්සයෙක් ඒ මොහොතේ ජීවත් වෙන තත්වය ගැන ඔයාට කිසිම අවබෝධයක් නැත්තම් තමන්ගේ තත්වෙන් තමන්ගේ මිම්මෙන් ඒ මනුස්සයා ගැන නිගමන ගන්න එපා.

අපී ජීවත් වෙන මේ ලෝකේ හැමෝම ඉන්නේ ලොකු තරගෙක ලොකු මානසික පීඩාවන් තුල. හැම කෙනෙක්ම පුලුවන් පමණින් තම තමන්ගේ දේවල් කරන ගමන් හිත සතුටින් ඉන්න මොනාම හරි දෙයක් කරන ගමන් ඉන්නේ.

ඔයා සමාජේ ගැන , ඔයා මේ වෙලාවේ ගතකරන තත්වයන් , ඔයාගේ පීඩාවන් ගැන හිතලා මෙච්චර දේවල් මෙච්චර ප්‍රශ්න තියෙද්දී අරයා ඇයි සතුටින් ඉන්නේ ඔහොම ඉන්න එපා මේ විදිහටයි ඉන්න ඕන කියලා ඒ කෙනාගේ ජීවිතේ ගැන තීරණ ගන්න , පාලනය කරන්න යන්න එපා . ඒකට ඔයාට කොහෙත්ම අයිතියක් නෑ .

කෙනෙක් කරන දේවල් බලන් ඉන්න බැරි නම් කරුණාකරලා දේවල් හොයන්නේ නැතුව බලන්නේ නැතුව තමන්ගේ තත්වේ රැකගෙන පාඩුවේ ඉන්න . මොකද ඔයාට ඔයාගේ ඇගේ හැදෙන ලෙඩක්වත් අඩුම ගානේ පාලනය කරන්න බැරි නම් කොහොමද ඔයා තව කෙනෙක් පාලනය කරන්නේ කෙනෙක්ගේ තිරණ ගැන වැරදියට තේරුම් ගන්නේ

15/12/2025

Book Fair ගියත් මොන Exhibition එකට ගියත් Noodles එකක් නම් මම නොකා එන්නේ නෑ .

අනේ මන්දා මේවා මෙහෙම ගෙදර හැදුවට මේ රස එන්නේ නැත්තේ ඇයි අප්පා ...වැඩිය කන්න හොද නෑ කිව්වට අපි ඉතින් එහෙම ඕනවට වඩා කන නරක ලමයි නෙවේනේ . සතියට දෙකක් ව්තර කියන්නේ වැඩි නෑනේ 🤪🤪🤪

Whether I go to the Book Fair or any exhibition, I never come back without eating noodles.

I really don’t know why noodles never taste this good when we make them at home! Even though they say eating too much isn’t good, we’re not that bad , we only have it about twice a week, right? 🤪🤪

15/12/2025

💐💐ජීවිතේ ජයග්‍රහණය කරන්න මේ දේවල් කරලා බලන්න 💐💐

❤️ හැමවෙලාවෙම සැහැල්ලු සරල ජීවිතයක් ගත කරන්න බලන්න.අනවශ්‍ය බරක් ජීවිතේට ගන්න එපා.

❤️ දෙයක් දෙන කොට ආපහු ලබා ගැනීමේ චේතනාවෙන් දෙන්න එපා.ආපහු ලැබුනත් නැතත් කමක් නෑ කියන සිතුවිල්ලෙන් දෙන්න.

❤️ අපි හැමවෙලාවෙම ලබා ගන්නන් නෙවේ ලබා දෙන්නන් වෙන්න හිතට ගන්න ඕන.දෙන්න දෙන්න අපිට ලැබෙන ප්‍රමාණය වැඩියි.

❤️කාවවත් විවේචනය කරන්න යන්න එපා.කියන්න දෙයක් නැත්තම් කට පියාගෙන ඉන්න.

❤️ලොකුකම මහන්තත්තකම අඩු කර ගන්න.හැමෝම එන්නෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින්.

❤️අනිත් අය ගැන හොයන් නැතුව තමන්ගේ ගැන හොයලා තමන්ගේ දක්ශතා වැඩි දියුණු කරගන්න .

❤️ තමන්ට බැරි දෙයක් නැහැ කියලා හැම වෙලාවෙම හිතන්න .අබ ඇටයක් තරම් විශ්වාසයක් තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ .

❤️අවංක වෙන්න .කාටහරි පොරොන්දුවක් වුනොත් ඒක ඒ විදිහටම ඉශ්ට කරන්න .

❤️ඉවසීමෙන් කතා කරන්න .හැම වෙලාවෙම මගේ මේ වචන ඇත්තද? මේ වෙලාවට මම මේක කියන්න අවශ්‍ය ද ? මගේ මේ වචන කාරුණික ද ? කියලා හිතලා බලලා කතා කරන්න .

❤️ සොබාදහමට ආදරය කරන්න.සොබාදහමත් එක්කම ජීවත් වෙන්න.සොබාදහමට ගරු කරන්න පුරුදු වෙන්න .

SLECC Santastic Shopping Festival 2025 | Richard & Stationery Fair | Sinhala Youtuber | Sri Lanka 15/12/2025

❤❤ අද මම ඔයාලට SLECC එකේ තියන Richard ශොපින් Exhibition එකේ වීඩියෝ එක තමා අරගෙන ආවේ ❤❤

වීඩියෝ එක බලලා හොද නරක කියන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏🙏

SLECC Santastic Shopping Festival 2025 | Richard & Stationery Fair | Sinhala Youtuber | Sri Lanka

BMICH Colombo Shopping Festival 2025 | Christmas Fair | Sinhala Youtuber | Sri Lanka 13/12/2025

❤❤ ඔන්න අද මම ඔයාලට 2025 අවුරුද්දේ BMICH නත්තල් ශොපින් ප්‍රදර්ශනයේ වීඩියෝ එක තමා අරගෙන ආවේ ❤❤

ඔයාලත් වීඩියෝ එක බලලා හොද නරක කියන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏🙏

BMICH Colombo Shopping Festival 2025 | Christmas Fair | Sinhala Youtuber | Sri Lanka

27/11/2025

💐💐ඔයාට අතීතෙට ගිහින් ඔයාගේ හැම වැරැද්දක්ම මකන්න පුලුවන් වරයක් ලැබුනොත් ඔයා ඒක බාර ගන්නවද ? හැබැයි ඔයා ඒ දේ බාර අරගෙන අතීතයේ ඔයාගේ හැම වැරද්දක්ම මකන්න ගියොත් ඔයා ඒ වැරදි වලින් ඉගෙන ගත්ත හැම පාඩමක්ම දැනුමක්ම නැති වෙලා යාවී.🌹🌹🌹🌹🌹🌹

ගොඩක් අය ප්‍රශ්න පිට ප්‍රශ්න ආවම හිතන දෙයක් තමා මට අතීතෙට යන්න තිබ්බ නම් ඒ හැම ප්‍රශ්න වලටම හේතු වුන කාරනා විසදගෙන එනවා කියන එක.එහෙම හිතෙන වෙලාවට ඔයා ඒ ප්‍රශ්න වලින් කලකිරෙන්නේ නැතුව ඔයා ඒ ප්‍රශ්න නිසා ලබා ගත්ත දැනුම ගැන හිතලා සතුටු වෙන්න උත්සාහ කරන්න.😊😊😊😊😊

Want your business to be the top-listed Beauty Salon in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Battaramulla