Salon hansi

Salon hansi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon hansi, Beauty, cosmetic & personal care, Dehiwala.

12/07/2026

✨💜 Beauty is an art... and this is my passion. 💜✨
අද මේ ලස්සන Look එකේ Hair Styling සහ Makeup දෙකම මගේ නිර්මාණයක්. 💄💇‍♀️
ඔබත් ඔබේ විශේෂ දවසට ලස්සනම look එකකින් දිදුලන්න කැමති නම් අදම වෙන් කරගන්න.
📍 Salon Hansi by Melani Hansika
💜 Bridal | Party Makeup | Hair Styling | Dressing
📞 078 532 5776
"ඔබේ ලස්සන තවත් ලස්සන කිරීමයි අපේ වගකීම." ✨🌸

04/07/2026

✨ Hair Colour Transformation ✨
අපේ සුන්දර Client කෙනෙකුට කරපු Rich Chocolate Brown Hair Colour Look එක 🤎
Healthy Shine ✨ | Smooth Finish ✨ | Natural & Elegant Result ✨
ඔබත් ඔබේ Hair එකට අලුත් වෙනසක් දෙන්න හිතනවා නම් අදම Appointment එකක් Book කරන්න. 💇‍♀️
📍 Salon Hansi
📞 078 532 5776
💌 Inbox කරන්න හෝ Call කරන්න අදම!

04/07/2026

✨ ඔබේ ලස්සනට තවත් අලංකාරයක් එක් කරන්න! 💖
හැම විශේෂ මොහොතක්ම මතක හිටින විදිහට, ඔබට ගැලපෙනම Dressing එකක් Salon Hansi වෙතින්. 🌸
📍 Salon Hansi
📞 078 532 5776
ඔබේ දිනය තවත් විශේෂ කරගන්න අදම appointment එකක් වෙන් කරගන්න! 💄✨

30/06/2026

✨ Simple look... Stunning confidence! 🖤
වෙඩින් උත්සවයකට සහභාගී වීමට ආදරයෙන් කළ Hair Styling & Soft Makeup එකක්.
සරල බව තුළින් දිදුලන ලස්සනක් තමයි අපේ අරමුණ. 🤍✨
ඔබත් ඔබේ විශේෂ දවසට Natural & Elegant Look එකක් බලාපොරොත්තු වෙනවා නම් අප හා එක්වන්න. 💄💇‍♀️
📍 Salon Hansi
📞 078 03 25776
"Beauty is not about changing who you are, it's about enhancing your natural beauty." 🌸

30/06/2026

✨ සරල බව තුළින් දිදුලන සුන්දරත්වයක්... 💚
Wedding Guest Look එකකට ආදරයෙන් නිර්මාණය කළ Full Dressing එකක්.
ඔබේ ඇඳුමට ගැළපෙන Hair Styling, Makeup සහ Saree Draping සමඟින් ඔබේ ලස්සන තවත් ඉස්මතු කර දීමට අපි සූදානම්. ✨
💄 Full Dressing by Salon Hansi
📞 078 53 25776
🌿 "ඔබේ ලස්සන වෙනස් නොකර, එය තවත් දිදුලවීමයි අපේ කලාව." 🤍

by Hansika Rajapaksha 🙏❤️🌹

27/06/2026

මුලු ඇගම එකම ලස්සන පාටක් ගන්න බොඩි පැක් එක ගෙදරදිම හදාගන්නේ මෙහෙමයි ලයික් කරන්න සුදුලා 😎💓🍅🥛🍯🌾
😌🫶මුළු ඇඟම එකම පාටකට තියාගන්න ආසද? මෙන්න ගෙදරදීම කරගන්න පුළුවන් සුපිරිම ස්වභාවික සත්කාරයක්✨

අනේ මන්දා අනේ.. අපේ කෙල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මූණ එක පාටක් වෙද්දී බෙල්ල, අත්, කකුල්, වැලමිට වගේම දණහිස් හරිය තව පාටක් වෙන එක
මූණ විතරක් ලස්සනට තියාගෙන බෑනේ, මුළු ඇඟම එකම පාටකින් (Even skin tone) තියෙන්නත් එපැයි
ඇයි අපිට මෙහෙම වෙන්නේ? ප්‍රධානම හේතුව තමයි ලංකාවේ තියෙන සැර අව්ව ඊට අමතරව මැරුණු සම (Dead skin cells) එකතු වීම, සමේ තියෙන වියළි බව සහ අපි මූණට දෙන සැලකිල්ල ඇඟේ අනිත් තැන්වලට නොදීම වගේ දේවල් නිසා සම අවපැහැ ගැන්වෙන්න ගන්නවා
ඉතින් මේකට අපිට පුලුවන් කුස්සියේ තියෙන දේවල් ටිකකින් මුළු ඇඟම එකම පාටකට ලස්සන කරගන්න පුළුවන් සුපිරි
රහසක් මම අද ඔයාලට කියලා දෙන්නම්

🌾 මේ සත්කාරයට අපිට මොනවද ඕනේ කරන්නේ?
වැඩි දෙයක් නෑ, හැමෝම කුස්සියේ තියෙන හරිම සරල දේවල් හතරක් විතරයි ඕනේ කරන්නේ:
🌾සහල් පිටි මේස හැඳි 2ක් (සම Smooth කරන්න වගේම Scrub කරන්න සුපිරි )
🥛යෝගට් මේස හැඳි 2ක් (සීනි රහිත ස්වභාවික යෝගට් නම් වඩාත් හොඳයි)
🍯මී පැණි මේස හැඳි 1ක්(සමේ තෙතමනය රැකගන්න)
🍅තක්කාලි යුෂ ( ඔයාගේ සමේ තියෙන මැරුණු සම ඉවත් කරන්න මරු මේක)

🌿 මේක හදාගන්නේ වගේම පාවිච්චි කරන්නේ කොහොමද?
1. මිශ්‍රණය සාදා ගැනීම: උඩින් කියපු දේවල් ටික පිරිසිදු බෝල් එකකට දාලා, කැට හිටින්නේ නැති වෙන්න හොඳින් කලවම් කරලා මෘදු පේස්ට් එකක් (Smooth paste) හදාගන්න
2. ආලේප කිරීම:ඔයා නාන්න යන්න විනාඩි 15කට-20කට කලින් මේ පේස්ට් එක මුළු ඇඟේම, විශේෂයෙන්ම කළු වෙලා තියෙන බෙල්ල, අත්, කකුල්, වැලමිට සහ දණහිස් ප්‍රදේශවල හොඳින් ගාන්න (මූණේ නැතුව )
3. Scrub කිරීම:විනාඩි 15ක් විතර මේක වේලෙන්න හැරලා, පස්සේ වතුර චුට්ටක් අතට අරන් රවුම් ආකාරයට (Circular motion) මෘදුව සම්බාහනය (Massage) කරන්න ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් සෝදලා හරින්න

💛 මේ සත්කාරයෙන් අපේ සමට ලැබෙන සුපිරි ප්‍රතිලාභ මොනවාද?
✅මැරුණු සම ඉවත් කිරීම (Exfoliation):සහල් පිටිවලින් සම මතුපිට තියෙන කුණු සහ මැරුණු සම අයින් කරලා, අලුත් සමක් මතු වෙන්න උදව් වෙනවා
✅සම මෘදු කිරීම:යෝගට් වල තියෙන ලැක්ටික් ඇසිඩ් (Lactic acid) සහ මී පැණි නිසා හම පුදුමාකාර විදිහට Soft වෙනවා
✅අවපැහැය නැති කිරීම:තක්කාලි යුෂ වල තියෙන Natural Bleaching ගුණය නිසා අව්වට පිච්චුණු තැන් ක්‍රමයෙන් නැති වෙලා දීප්තිමත් වෙනවා
✅වියළි බව පාලනය කිරීම:සම ඇතුළතින්ම තෙතමනය ආරක්ෂා කරලා (Deeply moisturize), සමට නිරෝගී දිලිසීමක් (Natural glow) ලබා දෙනවා

🌞 මේ සත්කාරය විතරක් මදි! මෙන්න මේවාත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ:
අපි හැමෝම හිතන්නේ එක පාරක් Body Pack එකක් දැම්මාම මුළු ඇඟම මැජික් එකකින් වගේ ලස්සන වෙයි කියලා නැහැ කෙල්ලනේ, මේ සත්කාරයෙන් උපරිම ප්‍රතිඵල ගන්න නම් ඔයා මේ පුරුදු ටිකත් ජීවිතයට එකතු කරගන්නම ඕනේ.
💓1. සන්ස්ක්‍රීන් (Sunscreen) අමතක කරන්නම එපා: මූණට විතරක් සන්ස්ක්‍රීන් ගාලා බෑ අව්වට නිරාවරණය වන අත් සහ බෙල්ලටත් සන්ස්ක්‍රීන් ගාන්න ඕනේ නැත්නම් ඔයා කොච්චර සත්කාර කරත් වැඩක් වෙන්නේ නෑ, ආයෙත් හම පිච්චෙනවා
💓2. බොඩි ලෝෂන් (Body Lotion) එකක් පාවිච්චි කරන්න: නාලා ඉවර වුණු ගමන්, සමේ තෙතමනය තියෙද්දීම හොඳ Moisturizing බොඩි ලෝෂන් එකක් ඇඟේ ගාන්න පුරුදු වෙන්න
💓3. ඇතුළතින් සම ලස්සන කරන්න:දවසකට වතුර ලීටර් 2-3ක් වත් බොන්න කොච්චර එළියෙන් ආලේප කරත් ඇඟ ඇතුළෙන් Hydro dehydration තියෙනවා නම් හම ලස්සන වෙන්නේ නැහැ
💓4. අව්වෙන් ආරක්ෂා වෙන්න: දවල් කාලයේ එළියට යද්දී කුඩයක් පාවිච්චි කරන්න, නැත්නම් අත් දිග ඇඳුම් ඇඳලා සම ආරක්ෂා කරගන්න

📌 මතක තබාගත යුතුම වැදගත් දෙයක්!
මේ සත්කාරය සතියට දවස් 2ක් හරි 3ක් වගේ දිගටම මාසයක් විතර කරලා බලන්න. ඔයාටම වෙනස තේරෙයි හැබැයි එක දෙයක් හොඳට මතක තියාගන්න අපිට උපතින් ලැබිලා තියෙන ස්වභාවික සමේ වර්ණය (Skin complexion) 100%ක් වෙනස් කරලා, කිරි සුදු පාට වෙන්න කිසිම ස්වභාවික සත්කාරයකට බෑ Chemical ජාති ගාලා එහෙම වෙන්න ගියොත් වෙන්නේ අන්තිමට ලෙඩ ගොඩක් දාගන්න එකයි
මේ ස්වභාවික සත්කාර වලින් කරන්නේ අපේ සමට වෙලා තියෙන හානිය අවම කරලා, සම නිරෝගී කරලා, තියෙන පාට උපරිමයෙන්ම එකම මට්ටමකට (Even out) දීප්තිමත් කරලා දෙන එකයි

💕 අවසාන වශයෙන් මගේ යාළුවන්ට කියන්න තියෙන්නේ...
ලස්සන සමක් කියන්නේ කිරි සුදු පාටට තියෙන සමක් නෙවෙයි අනේ. ඔයා මොන පාට වුණත්, ඔයාගේ සම නිරෝගීව, පිරිසිදුව, ලප කැළැල් නැතුව, හොඳින් රැකබලා ගෙන තියෙනවා නම් අන්න ඒක තමයි ලෝකේ තියෙන ලස්සනම සම!
ඒ නිසා අනවශ්‍ය සුදු වෙන්න දඟලන්නේ නැතුව, තමන්ගේ පාටට ආදරය කරන්න ඉවසීමෙන් සහ නිවැරදි විදිහට ඔයාගේ සමට අවශ්‍ය ආදරය සහ සත්කාරය ලබා දෙන්න 🌸
ඔයාලත් මේක ගෙදරදීම කරලා බලලා ප්‍රතිඵල කොහොමද කියලා මට කියන්නකෝ! මේ වගේ වටිනා කියන Tips දිගටම දැනගන්න පෝස්ට් එක Share කරලා තියාගන්නත් අමතක කරන්න එපා! එහෙනම් ලයික් කරගෙනත් යන්න බායි බායි ....😘❤️🙏

wa.me

Photos from Salon hansi's post 27/06/2026

🎉✨ Dress by Salon Hansi ✨🎉
හැම Birthday එකක්ම විශේෂ දවසක්. ඔබේ ඒ විශේෂ මොහොත තවත් ලස්සන කරන්න අපෙන් Professional Makeup & Hair Styling සේවාවන් ලබාගන්න. 💄👑
📸 Birthday Shoot Makeup & Dressing
👗 Dress by Salon Hansi
💄 Makeup by Salon Hansi
📍 Book your appointment today!
📞 Contact: 078 053 25776
✨ Salon Hansi
"Your Beauty, Our Passion." 💚

22/06/2026

✨ රෑට Night Cream එකක් ගාන එක ඇත්තටම වැදගත්ද? දැනගත යුතුම දේවල්! ✨
ගොඩක් දෙනෙක් හිතන්නේ Night Cream කියන්නේ නිකන්ම නිකන් ක්‍රීම් එකක් කියලා. ඒත් ඇත්තටම අපේ සමේ "මැජික්" එක සිද්ධ වෙන්නේ රෑට කියන දේ ඔබ දැනගෙන හිටියද? 🤔
රාත්‍රී කාලයේදී අපේ සමේ සෛල වේගයෙන් අලුත් වැඩියා වෙනවා (Cell Regeneration). ඉතින් ඒ වෙලාවට ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දීම තමයි Night Cream එකකින් වෙන්නේ. 🌙
ක්‍රීම් එකක් ගාද්දී මේ දේවල් මතක තියාගන්න:

1. මුහුණ හොඳින් පිරිසිදු කරන්න:

ඕනෑම ක්‍රීම් එකක් ගාන්න කලින් හොඳ ෆේස් වොෂ් එකකින් මුහුණේ තියෙන දූවිලි, මේදය සහ මේකප් ඉවත් කරගන්න. පිරිසිදු සමකට තමයි ක්‍රීම් එක හොඳින් උරා ගන්නේ.

2. සමේ තෙතමනය:

මුහුණ සෝදලා හෙමින් තුවායෙන් තෙත මාත්තු කරලා, සමේ තවමත් පොඩි තෙතමනයක් තියෙද්දීම ක්‍රීම් එක ආලේප කරන්න.

3. නිවැරදි ප්‍රමාණය:

ක්‍රීම් ගොඩක් ගෑව පලියට සම ලස්සන වෙන්නේ නැහැ. ඇටයක් තරම් පොඩි ප්‍රමාණයක් අරගෙන මුහුණේ තිත් තබා, මෘදුව සම්බාහනය (Massage) කරමින් ආලේප කරන්න.

4. පෙරළියක් එපා:

බෙල්ලේ කොටසත් අමතක කරන්න එපා. මුහුණ වගේම බෙල්ලත් එල්ලා වැටීම වළක්වා ගන්න ක්‍රීම් එක උඩ අතට සම්බාහනය කරන්න.

උදේට මොකද කරන්නේ? ☀️

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "උදේට මේක හෝදන්න ඕන කීයටද?" කියන එක.

වේලාව:
ඔබ උදෑසන අවදි වුනු ගමන්ම මෘදු ෆේස් වොෂ් එකකින් මුහුණ සෝදා හරින්න.
රෑ පුරා සමේ ඇතිවුණු අපද්‍රව්‍ය සහ වැඩිපුර තිබෙන ක්‍රීම් කොටස් ඉවත් කිරීම අනිවාර්යයි.

පොඩි රහසක්:
ක්‍රීම් එක ගාලා පැය 6-8 කට පස්සේ උදේට මූණ සෝදන එක තමයි හොඳම.
ඊට පස්සේ අනිවාර්යයෙන්ම Sunscreen එකක් ගාන්න අමතක කරන්න එපා! (Night Cream එකෙන් සම අලුත් වුනාට පස්සේ හිරු එළියෙන් ආරක්ෂා කරගන්න එක ඊටත් වඩා වැදගත්).

ඔබේ සමේ වර්ගයට ගැලපෙන ක්‍රීම් එකක් තෝරාගන්න එක තමයි රහස.
මොන දේ කරත් ඉවසීමෙන් සහ නිවැරදි විදියට කරනවා නම් නිරෝගී සමක් ඉක්මනින්ම ඔයාටත් ලබාගන්න පුළුවන්. 😍

ඔයත් රෑට Night Cream භාවිතා කරන කෙනෙක්ද?
එහෙනම් මේ දේවල් අද ඉඳන් අනිවාර්යයෙන්ම පිළිපදින්න!

fypシ゚viral

#සමනිරෝගීව #රූපලාවණ්‍ය

Photos from Salon hansi's post 23/02/2024

Salon hansi
Contact number 📞0767307713

Telephone

Website

Address


Dehiwala
0130

Alerts

Be the first to know and let us send you an email when Salon hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Dehiwala.