Salon Silver Line

Salon Silver Line

Share

BeSoft Waxed - First & Only Exclusive Ladies Body Waxing Parlour in Anuradhapura City Area.

BeSoft Waxed is only for Hair Removal Waxing Services, Scrub & Brightening Services for Women

01/07/2025
06/06/2023

යෝනි ප්‍රදේශය ආශ්‍රිත අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.
යෝනි ප්‍රදේශය ආශ්‍රිත රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනා අතර නිරන්තර කතාබහට ලක් වන කරුණක්. මේවා ඉවත් කිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන් ම පෞද්ගලික කැමැත්ත මත තීරණය වන්නක්. සමහර කාන්තාවෝ ඒ රෝම ඉවත් කරන අතර සමහරු ස්වභාවික අයුරින් ම තබා ගන්නවා. ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝම පිළිබඳත් ඒවා ඉවත් කිරීම කෙතරම් දුරට සෞඛ්‍යාරක්ෂිත ද යන්නත්
ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝමවල කාර්යය
කාන්තාවක් වැඩිවියට පත් වන විට පියයුරු විශාල වීම, ප්‍රථම ආර්ථවය සිදු වීම මෙන් ම කිහිලි, ලිංගේන්ද්‍රිය අවට රෝම වැවීමත් සිදු වෙනවා. සම මත වැවෙන අනෙක් රෝම සේම ලිංගේන්ද්‍රිය අවට ප්‍රදේශවල මෙසේ රෝම වැවීමට හේතුවත් එහි ආරක්ෂාව තහවුරු කිරීමයි. ලිංගික සබඳතා පැවැත්වීමේ දී, ව්‍යායාම්වලදී මෙන්ම හදිසි අනතුරුවලදීත් ලිංගේන්ද්‍රියට එල්ල වන පීඩනය සහ ඝර්ෂණය අවම කිරීමයි මේවාගෙන් සිදු වන්නේ. එමෙන් ම ඉතා සංවේදී ස්ථානයක් නිසා උෂ්ණත්වය පාලනය කිරීමද මෙමගින් සිදුවනවා. ඉතින්, සැබැවින්ම ඒවා අනවශ්‍ය නොවන බව ඔබට පැහැදිලි වන්නට ඇති.
රෝම ඉවත් කිරීම
ලිංගේන්ද්‍රිය අවට රෝම ඉවත් කිරීමට කාන්තාවන් භාවිත කරන ක්‍රම කිහිපයක් තිබෙනවා.
Shaving
මෙහිදී කැපුම් තලයක් හෝ රේසරයක් මගින් රෝමය සමට සම්බන්ධ වන තැනින් ම කපා ඉවත් කිරීම සිදු කරනවා.
මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු
හොඳින් ජීවාණුහරණය කරන ලද තලයක් යොදාගෙන සිදු කළ යුතුයි. මේ සදහා කාන්තාවන් සඳහාම නිපදවූ රේසර්‍යක් වඩාත් සුදුසු යි.
තෙත් කරගත් ප්‍රදේශය මත සබන් පෙන තවරා කපා ගැනීම පහසුයි.
පසුව අයිස්වතුරෙන් සෝදා කෝමාරිකා ජෙල් ස්වල්පයක් ආලේප කිරීමෙන් වියළීම වළකන්නට පුළුවන්.
මෙහි අවාසිත් තියනවා.
මෙමගින් රෝම ඉවත් කිරීම පහසුම ක්‍රමයක් වුවත්, වැවෙන විට රෝම ගොරෝසුවට වැවීම අවාසියක් ලෙස දක්වන්නට පුළුවන්. නිසි ලෙස තෙතමනය සුරැකිය නොහැකි නම් සම වියළීමට ලක් විය හැකියි.
Waxing
වැක්ස් කිරීම තරමක් වේදනාකාරී වුවත්, සාර්ථක ක්‍රමයක්. රෝම, රෝම කූපයට සම්බන්ධ වී ඇති තැනින් ම ඉවත් වීම ඊට හේතුවයි. නැවත වැවීමට තරමක් කල් ගත වෙනවා. නිවසේදී මෙන් ම රූපලාවන්‍යාගාරවලදී ද සිදු කර ගන්නට පුළුවන්.
සැලකිලිමත් වියයුතු කරුණු
වැක්ස් කිරීමෙන් පසුවද සමෙහි තෙතමනය රැක ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.
ඒ වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශ වල වැක්ස් කිරීම කරන්න යනවිට ඉතාම විශ්වාසනීය රෑපලාවන්‍යාගාරයක් තෝරා ගැනීම ඉතාම වැදගත්. එය ඔබේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීමට වගේම සෞඛ්‍යාරක්ෂාවටත් වැදගත්.
Laser Treatment
ලේසර් කිරීමත් දැන් ඉතා ජනප්‍රිය රෝම ඉවත් කිරීමේ ක්‍රමයක්. මෙමගින් රෝමවල වැඩීම දුර්වල කරනවා. තරමක වේදනාවක් ඇති විය හැකි නමුත් සාර්ථක බවින් ඉහළයි.
සැලකිලිමත් විය යුතු කරුණු
සුදුසුකම් ලත් රූපලාවන්‍යාගාරයකින් හෝ වෛද්‍යවරයෙක් මගින් සිදු කරගත යුතුයි රෝමවල ස්වභාවය මත වාර කිහිපයක් සිදු කරන්නට වුවද ස්ථිර ක්‍රමයක්.
Electrolysis
සියුම් විදුලි ධාරාවක් මගින් රෝමකූපය දුර්වල කිරීමයි මෙමගින් සිදුවන්නේ. තරමක් වේදනාකාරී විය හැකියි. වාර කිහිපයක් සිදු කරන්නට වෙන්නත් පුළුවන්. එහෙත් සාර්ථකත්වය ඉහළයි මෙන් ම ඉතා මිල අධිකයි.
සැලකිලිමත් විය යුතු කරුණු
මෙය ඉතා මිල අධික ක්‍රමයක් නිසා සුදුසුකම් සපුරාලූ වෘත්තිමය පලපුරුද්දක් සහිත වෘත්තීයවේදීයෙකුගෙන් කර ගත යුතුයි.
Trimming
කතුරකින් තරමක් කොට කිරීමයි මේ. වඩාත් ම සෞඛ්‍යමත් මෙන් ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමය ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ඉතා පහසුවෙන් නිවසේදී ම කරගන්නට පුළුවන්.
සැලකිලිමත් විය යුතු කරුණු
මෙය අනෙක් ක්‍රම වලට වඩා අඩු කාලයකින් නැවත නැවත කරන්නට සිදුවෙනවා. නමුත් ඔබටම මේ කාර්යය කරගන්න පුලුවන් නිසා ඔබේ පෞද්ගලික සනීපාරක්ෂාව සුරැකෙනවා.
ඉහත කුමන ක්‍රමයක් භාවිත කළ ද, ඉතා සංවේදී ප්‍රදේශයක් නිසා සැලකිලිමත් වීම වැදගත්. අසාත්මිකතාවන් ඒ දැයි නිතර පරීක්ෂා කළ යුතුයි.
තෙතමනය රඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. මේ කරුනු ගැන නිවැරැදි අවබෝධයක් ලැබීමෙන් පසුව ලිංගාශ්‍රිත ප්‍රදේශ වල සෞඛ්‍යාරක්ෂිතම වඩාත් සාර්ථක රෝම ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තෝරාගන්නට දැන් ඔබට පුළුවන්.

13/04/2023

🙏🙏

Photos from Salon Silver Line's post 09/04/2023

Home visit waxing.. thank you samadhi nangi.

Photos from Salon Silver Line's post 22/02/2023

Underarm shave කරනවාද?
කළු වෙලා නේද ?
ඩියෝ ගැවත් bad smell නේද?
ඔයා තවම waxing ඒකක් කරලා නැද්ද.
එන්න besoft එකට. ( Dark නැති. Bad smell නැති. Dio use karanna onama ne. Soft skin ඒකක්. ඔය ඔක්කොමට solution.)
BESOFT waxing. Book your appointment 0742502836
1000/= only.

Telephone

Website

Address


Delgoda
Gampaha

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Salon Silver Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.