Salon Dilhara
Welcome to Salon Dilhara face book page
❤️❤️❤️
The happiest day of my life 🥰🥰🥰
Ready to go for my graduation 🥰🥰🥰
🥰🥰🥰
ජීවිතේ සමහර කාලවල් තිබුණා හැමදේම එපා වුනු.අපි දකින හීනෙට යන්න හදද්දී අවට ඉන්න අය විහිලුවකට ගත්‍තු, හිත වට්ටන්න බලපු අය ඕනෑතරම්.හැබැයි මගේ හීනේ අයිති මට විතරයි කියලා දැනෙනකොට තනියම වුනත් යන්න පුලුවන් ඕනෑතරම් දුරක්.මගේ මහන්සිය, නිදිනැති රැයවල්, අත් හැරපු හැම විනෝදයක්ම වෙනුවට මට ලැබුන ලොකුම තෑග්ග උපාධියයි.ඉලක්කය කරා යන ගමනේදී ලැබෙන පරාජයන් කියන්නේ පාඩම් විතරයි.අඳුරුම රැයට පස්සේ තමයි ලස්සනම හිරු එළිය පායන්නෙ.
ගැහැනු ළමයෙක්‍ට ඉගෙනීම කියන්නේ, පොත් ටිකක් පාඩම් කරන එක විතරක් නෙවෙයි... ඒක සමහර වෙලාවට ජීවිතේ එක්ක කරන ලොකු සටනක්.
අපි හුරුවෙන්න ඕන වැළලෙන්න නෙවෙයි පොළවට සමතලා වුනත් ආපහු පැළවෙන්න.තනියම නැගිටින්න ඕන තැන්වල තමන්ම නැගිටිය යුතුමයි.සමහර දේවල් කල් ගියත් ලැබුනම මාර සතුටුයි.මහන්සිවෙලා දකින හීන, දිනන දවසට හරි ලස්සනයි.
අපිට කිසිදෙයක් බෑ කියපු අය, අපෙන් වැඩක් නෑ කියපු අය මා වටා ඕනෑතරම්.අඩු තක්සේරු කිරීම් තමයි මිනිස්සුන්ට ඉහළට අරන් යන්න දෙන හොදම Motivation එක.ඉතින් මං මාව හෙව්වා.මට මොනවද කරන්න පුලුවන් කියලා මමම කල්පනා කළා.ජීවිතේ මම ආස කරන තැනින් පටන්ගන්න හිතුවා.ඉතින් මම ආසම කරන Subject එක Beautyculture.ඒ නිසා එය හොඳට ඉගෙනගෙන මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා, ඒක තමයි Salon Dilhara ❤️
රූපලාවණ්‍යටම අත්වැලක් වෙන මැහුම් ව්‍යාපාරයක්ද කුඩාවට පටන් ගත්තා, ඒ තමයි Sewing by Dilhara ❤️
ඒ වගේම රස රස කෑම හදන්න ආස නිසා කේක් ව්‍යාපාරයක් කරන්නත් පටන් ගත්තා, ඒ තමයි Dil's Cake & Sweets ❤️
උපාධියේ විෂයන් අනුව තිබූ පාඩම් ඉගෙනගන්නවිට ආස හිතුන තවත් දෙයක් තමයි Photography.ඉතින් නිකන් අතෑරියේ නෑ ඒකත් ඉගෙනගෙන මල්ලිටත් හයියක් වෙමින් Photography කරන්නත් පටන් ගත්තා, ඒක Siblings's Photography ❤️
අද මම Degree holder කෙනෙක් වගේම කුඩා ව්‍යාපාර 4ක්ම කරගෙන යන පුංචි කෙල්ලෙක්( වයසින් නෙවෙයි Size එකෙන් 🤭)
ඉතින් මට මුකුත් බෑ කියපු, මාව වට්ටන්න හදපු හැමෝටම ගොඩක් ස්තූතියි.කිසි තරහක් නෑ මොකද ඔයාලා නිසයි මට මාව හොයාගන්න පුලුවන් වුනේ..... Thanks onece again😘.
මගේ මෙම ව්‍යාපාර කරගෙන යන අතරතුර උපාධිය සහිනයද සිහිනයක් නොවී සැබෑවක් කරගැනීමට අතදුන් මගේ දෙමව්පියන්ට සහෝදරයන්ට වගේම මගේ ගුරුවරුන්ටත් බොහෝම ස්තූතියි සහ ගොඩක් පිං.නම් වශයෙන් මාගේ ගුරුවරුන් මතක් කරනවානම්:-
* ජනසන්නිවේදනය : මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සර්, සරත් වන්නිනායක සර්, විමල් දිසානායක සර්.
* සංචාරක ව්‍යාපාරය : මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සර්, අමිල ඉන්දික සර්, ශ්‍රීමාල් අබේනායක සර්.
* පුරාවිද්‍යාව : කුමාර කැටිපේආරච්චි සර්, පුරාවිද්‍යා නිළධාරී සමීර මලගල සර්. (විශේෂ ස්තූතිය Sameera Malagala සර්ට, මාගේ ජීවිතයට හරිපාර පෙන්වූ සහ විෂයට හරිපාර පෙන්වූ සර්, ගොඩක් පිං ඔබට.
මැරීගෙන පාඩම් කරලා උපාධිය සම්පූර්ණ වෙලා ලිස්ට් එකට නමත් වැටිලා දෙවුර කලු ලෝගුවකින් සරසලා උපාධිය ගන්න BMICH එකේ රතුපලස උඩින් ඇවිදගෙන යනකොට උපාධියේ වටිනාකම දැනෙයි හදවතට, ඒ දැනෙන හැඟීම අකුරු කරන්නට බැරිතරම්.ඒක හරිම ආඩම්බරකාර හැගීමක්.ඒ හැගීම තේරුම් ගන්නනම් දවසක රතු පලස මත පියනගන්නම ඕන. ඉතින් මේ මගේ දවසයි.....🥰🥰🥰
Gel nail (short) and simple nail art done by Salon Dilhara Pilimathalawa❤️❤️❤️
Category
Contact the business
Telephone
Website
Address
200/1, Gadaladeniya, Pilimathalawa
Kandy
20450
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Dilhara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
