Sithizz Srilanka

Sithizz Srilanka

Share

Sithizz Srilanka

23/05/2026

පංජාබ් පුහුණුකරු රිකී පොන්ටිං මේ තීරණාත්මක තරගයට කලින් පංජාබ් නායක ශ්‍රෙයාස් අයියර් ගැන මෙහෙම කියනවා.

' මේ තීරණාත්මක අවසන් තරගයේදී ඔහු නැවතත් දක්ෂතා අතරට එනු ඇතැයි මට විශ්වාසයි. ඔහු විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කළහොත් අපට ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තිබෙනවා. '

ඔහු කිව්වා වගේම පංජාබ් කන්ඩායමට අත්‍යාවශ්‍යම ජයග්‍රහණයක් කරා අවසානයේ පංජාබ් කන්ඩායම රැගෙන යන්නට අද ශ්‍රෙයාස් අයියර් සමත් වෙනවා. නිකන් නෙමෙයි IPL ඉතිහාසයේ වාර්තාගත සුපිරි ශතකයක් රැස් කරලා...

අයියර් කියන්නේ IPL පිටියේ ශතකත් එක්ක අවාසනාවත් උපරිමයෙන්ම තිබුණු පිතිකරුවෙක්.. ඔහුට අවස්ථා ගණනාවකදී අයි.පි.එල් ශතක මග හැරුනා.

අදත් එය එලෙසම වෙන්න ඉඩක් තිබුනා. ජයග්‍රහණය සදහා පංජාබ් කන්ඩායමට අවශ්‍ය ලකුණු 3යි. අයියර්ට ශතකය ලබාගන්න අවශ්‍ය ලකුණු 5යි. අවසානයේ අයියර් දර්ශනීය හයේ පහරකින්ම සිය මංගල IPL ශතකය අද වාර්තා කරනවා.

ඒක පට්ට ඉනිමක්...

කන්ඩායමේ මුල් කඩුලු දෙකම අඩු ලකුණු ගානකට වැටිලා තිබුණු වෙලාවක ඇවිත් ඉක්මනින් බවුන්ඩ්‍රිස් ටිකක් ගහලා ටීම් එකේ ප්‍රෙෂර් එක තමන් තනියම අරන් ඒ ප්‍රෙෂර් එකෙන් ටීම් එක මුදවාගෙන ප්‍රබ්සිම්‍රාන් සිං එක්ක එකතු වෙලා ලකුණු 140ක දැවැන්ත සබඳතාවක් ගොඩනගලා පංජාබ් ඉනිම හොඳ තැනකට අරන් ගිහින්, අවසානයේ පන්දුවාර දෙකක් ඉතුරු කරලා තරගයේ ජය තහවුරු කරනවා.

පිට පිට තරග හයක් පැරදිලා වැටිලා හිටපු පංජාබ් කොල්ලන්ගේ අන්තිම බලාපොරොත්තුව අද අයියර් ඉෂ්ට කරා. මේ ඉනිම තවත් එක තරගයක් වේලාසනින් ලැබුනා නම් මේ වනවිටත් පංජාබ් Playoffs ගිහින් ඉන්න තිබුනා.

අවාසනාවකට පිතිකරුවන් මොන දේවල් කරත් පංජාබ් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් පංජාබ් ජයග්‍රහණ රාශියක් සුනුවිසුනු කරා. කොහොම නමුත් අද නායක අයියර් පංජාබ් බලාපොරොත්තු වැඩි කරලා පන්දු 51කින් නොදැවී ලකුණු 101ක් ලබාගෙන කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනවා.

මේ සුපිරි ඉනිමට අයියර් හතරේ පහරවල් 11ක් සහ හයේ පහරවල් 5ක් ඇතුළත් කරනවා. ප්‍රහාරාත්මක වේගය 198.03ක අගයක් රදවාගන්නවා.

ඉතිං මේ සුපිරි ඉනිමෙන් පස්සේ අයියර් මෙහෙම කියනවා.

"හීනය තවමත් ඉවර නැහැ. එක දිගටම ලැබුණු පරාජයන් එක්ක අපිට ලොකු සටනක් දෙන්න වෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි අද රෑ LSG කණ්ඩායමට එරෙහිව මේ තීරණාත්මක ජයග්‍රහණය ලබාගන්න අපේ කොල්ලෝ පෙන්වපු දක්ෂතාවය සහ මානසික ශක්තිය ඇත්තටම විශිෂ්ටයි. අපිට දැන් ඕන කරන්නේ වර්තමානය ගැන විතරක් හිතලා, අපේ මානසිකත්වය තවත් ශක්තිමත් කරගෙන, මෙතැන් සිට ඉදිරියට එන හැම තරගයක්ම ජයග්‍රහණය කරන්නයි."

අද තමයි දවස.! අයියර් ඇතුළු පංජාබ් හීනය සැබෑ වේවිද ?

✍ copied | Rishie Bro

22/05/2026

ලබන වසරෙත් අපිට දොණිව දකින්න ලැබේද

21/05/2026

හෙට තියෙන විනාසකාරි තරගය. තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙකක් ලංකාවේ ෆැන්ස්ලගේ වැඩියෙන්ම support එක තියෙන කණ්ඩායම් දෙකක්.අපි බලමු කාටද හෙට වැඩිම support එක තියෙන්නේ කියලා ❤️🥹

හෙට ඔබේ සහය කාටද මිත්‍රවරුනි????

Royal challenges bangaluru 👍
Sunrises hyderabad ❤️

08/05/2026

අවාසනාවන්ත ලෙස දැවී ගියා අදත් 🥺🩷

06/05/2026

Emotions 🥹…. පැතුමාගේ වෙදනාව 😢

අද IPL එකේ DC vs CSK….. මුලින් ගහන්නේ DC…. අපේ පැතුමා ලස්සනට පිට පිට 4ක් සහ 6ක් ගහලා සෙට් වෙලා හිටපු අපේ එකා Choudhary ගේ change of pace එකට අහු වෙනවා....19 off 15

05/05/2026

අද රාත්‍රිය පැතුම්ට සහ චමීරට! 🇱🇰🏏🚀

​මෙවර IPL නැරඹුම් වාර 26% කින් පමණ අඩු වී ඇති බව වාර්තා වුවත්, ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය අද රාත්‍රී 7.30 ට යොමු වන්නේ දිල්ලි කැපිටල්ස් තරඟය වෙතයි. ඒ පැතුම් නිස්සංක සහ දුෂ්මන්ත චමීර අද දිල්ලි වෙනුවෙන් ක්‍රීඩා කරන නිසයි.

​දිල්ලි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ලාංකිකයින් අතර පැතුම් දැනටමත් 3 වැනි ස්ථානයට පැමිණ සිටිනවා. අදත් පැතුම්ගෙන් සුපිරි ඉනිමක් සහ චමීරගෙන් දරුණු පන්දු යැවීමක් බලාපොරොත්තු වෙමු! 🦁🔥

03/05/2026

𝘼 𝘾𝘼𝙈𝙋𝘼𝙄𝙂𝙉 𝙏𝙊 𝙍𝙀𝙈𝙀𝙈𝘽𝙀𝙍 💙

Hyderabad Kingsmen finish as runners-up in their debut PSL season.

A journey full of promise under Marnus Labuschagne. 👏

03/05/2026

අන්තිම මැච් කිහිපයේම ගුජරාට් වෙනුවෙන් ලොකු බලපෑමක් ඇති කරපු නිහඬ වීරයෙක් තමයි ජේසන් හෝල්ඩර් 💙

එයාට මෙවර තරගාවලියේ මුල් තරගවලදී කන්ඩායමේ ස්ථානය හිමිවෙන්නේ නැ...

අද ප්‍රසාද ලකුණු සටහනේ උඩින්ම ඉන්න පංජාබ් පිලට එරෙහිව පන්දුවාර 4 ලකුණු 24කට දාලා පංජාබ් පිලේ ප්‍රධාන කඩුලු 4ක්ම දවාගන්නවා. අයියර්, වධීරා, ස්ටොයිනිස් වගේ ප්‍රධාන තුරුම්පු ඒ කඩුලු අතර වුනා.

02/05/2026

තමන්ගේ මංගල IPL තරගාවලිය ක්‍රීඩා කල පැතුන් නිස්සංක අවස්ථා තුනකදී ලකුණු 40 සීමාව ඉක්මවා ගියත් ඔහුට අවාසනාවන්ත ලෙස අවස්ථා ත්‍රිත්වයේම ලබාගන්නට තිබුණු අර්ධ ශතක ඉනිම් තුනක් මග හැරෙනවා.

අන්තිමට ඔහු ක්‍රීඩා කල අවසන් තරග අසාර්ථක වීමත් සමග කන්ඩායමේ ස්ථානය පවා ඔහුට අහිමි වෙනවා.

එහෙම අවස්ථාවක පෙර තරගයේ දිල්ලි ආරම්භක පිතිකරුවා ආබාධයකට ලක්වීම නිසා නැවතත් පැතුම්ව කැදවන්න දිල්ලි කළමණාකාරීත්වය තීරණය කරනවා.

දිල්ලි කැපිටල්ස් බංකුවේ ප්‍රිත්වි ෂෝ, අභිෂේක් පොරෙල් වගේ දක්ෂ ඉන්දීය ආරම්භක පිතිකරුවන් සිටියදී අසාර්ථක වූ පැතුම් නිස්සංක කෙරෙහිම දිල්ලි කළමණාකාරීත්වය විශ්වාසය තියෙනවා.

ඉතිං ඒ විශ්වාසයට කොල්ලා උපරිම සාධාරණයක් කරනවා. කලින් තරග තුනකදී තමන්ට අහිමි වුනු මංගල IPL අර්ධ ශතකය ඔහු මේ තරගයේදී සම්පූර්ණ කරනවා.

ජොෆ්‍රා ආචර් මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්ගේ රේස් එකේ ඉදිරියෙන්ම ඉන්න කාටත් අභියෝගාත්මක වූ වේග පන්දු යවන්නෙක්...

පැතුම් ඔහුට ලැබුණු මේ දෙවෙනි අවස්ථාව දෝතින්ම භාරගන්නේ රාජස්ථාන් පිලේ හිටපු හොඳම පන්දු යවන්නා වෙච්චි ආචර්ට ඇටෑක් කරලා..

ඉනිම ආරම්භක පන්දුවාරයේම ආචර්ට හයකුයි හතරකුයි ගැහුවේ.. ආචර්ගේ දෙවෙනි පන්දුවාරයේ පිට පිට හතරේ දෙකක් ගහනවා. බර්ගර් පිලිගන්නෙම පන්දුවාරයට අලංකාර හයේ දෙකක් ගහලා.. ඩෙශ්පන්ඩේ, බ්‍රිජේෂ්, ජඩේජා මේ හැමෝටම නිස්සා හොඳටම සැලකුවා.

අවසානයේ පවර්ප්ලේ පන්දුවාර 6 නිමා වෙන්නත් කලින් කොල්ලා තමන්ගේ මංගල IPL අර්ධ ශතකය රැස් කරනවා. පන්දු 33කින් අනර්ඝ ලකුණු 62ක් රැස්කල පැතුම් ආරම්භක කඩුල්ලට රාහුල් එක්ක එකතු වෙලා ලකුණු 110ක දැවැන්ත සබඳතාවක් ගොඩනගනවා.

මේ ඉනිම දියත් කරද්දී අනිත් අන්තයේ ක්‍රීඩා කරපු රාහුල්ගෙන් පැතුම්ට ලැබුණු සහය අමතක කරන්න බැ.. දෙන්නා එක්ක හොඳ ගනුදෙනුවක් පිතිකරණයේ යෙදෙනකොට තිබුනා.

පැතුම් එයාගේ මේ මංගල IPL අර්ධ ශතකය හැඩ කරගන්න හතරේ පහරවල් 6ක් සහ අලංකාර හයේ පහරවල් ත්‍රිත්වයක් එල්ල කරනවා.

මනුස්සයෙක්ට ජීවිතේ දෙවෙනි අවස්ථාවක් එවනවා. පලවෙනි අවස්ථාව වැරදුනත් ජීවිතේ ලැබෙන ඒ දෙවෙනි අවස්ථාව නම් කවදාවත් මිස් කරගන්න එපා.. හරියට පැතුම් නිස්සංක ටීම් එකෙන් එලියට ගිහින් ආයෙමත් ලැබුණු දෙවෙනි අවස්ථාව දෝතින්ම භාරගත්තා වගේ..! 💙🫂

✍| copied

01/01/2024

එල්ලක්කල පත්තිනි දේවාලයේ වාර්ශික ගිනිමඩු පූජොත්සවය 😍😽..

Want your business to be the top-listed Beauty Salon in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nittambuwa