Get Shaped with Methma

Get Shaped with Methma

Share

🎓 BSc in Sports Science & Fitness

29/09/2026

🔥 Fitness Journey එකේ ඔයාට අමාරුම මොකක්ද?

1️⃣ Workout එක පටන්ගන්න එක
2️⃣ Healthy විදිහට කන එක
3️⃣ දිගටම Consistent වෙන එක
4️⃣ රෑට කෑම Control කරන එක 😅

ඔයාට අමාරුම Number එක Comment කරන්න 👇
බලමු වැඩිම Votes ලැබෙන්නේ මොකටද කියලා! 💕💪

26/09/2026

හැදෙනවා නම් තව මාස 3ක් තියෙනවා! 🔥

මේ අවුරුද්ද අවසන් වෙන්න තව මාස තුනක් තියෙනවා…

මාස තුනකින් මුළු ජීවිතයම වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මාස තුනක් ඇතුළත ඔයාගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන්ගන්න පුළුවන්!

අවුරුද්දේ මුල ඔයා ඔයාටම දුන්න පොරොන්දු මතකද?

“බර අඩු කරගන්නවා.”
“Workout පටන්ගන්නවා.”
“හොඳට කන්න පටන්ගන්නවා.”
“මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරනවා.”

සමහරවිට තවමත් ඒවා පටන්ගෙන නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පටන්ගෙන අතරමඟ නතර වෙලා ඇති.

හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ අවුරුද්ද ඔයාට අහිමි වෙලා කියන එක නෙවෙයි.

ඔයා පරක්කු නැහැ.
ඔයා අසමත් වෙලාත් නැහැ.
ඔයාට තවමත් කාලය තියෙනවා! ❤️

අදින් පටන්ගෙන Consistent වුණොත් ඉදිරි මාස තුනේදී,

🌸 ශරීරයේ අනවශ්‍ය මේදය අඩු කරගන්න
🌸 Strength සහ Fitness Level එක වැඩි කරගන්න
🌸 වැඩි Energy එකක් ලබාගන්න
🌸 Stress එක අඩු කරගෙන හොඳ නින්දක් ලබාගන්න
🌸 තමන් ගැන තියෙන Confidence එක වැඩි කරගන්න පුළුවන්!

හැබැයි Results ලබාගන්න හැමදාම Motivation එනකම් බලාගෙන ඉන්න එපා.

සමහර දවස්වල Workout කරන්න හිතෙන්නේ නැති වෙයි. Diet එක හරියට Follow කරන්න බැරි වෙයි. Results පේන්නේ නැහැ කියලා හිතෙයි.

ඒ දවස්වලත් පුළුවන් තරමින් ඉදිරියට යන එක තමයි Discipline කියන්නේ.

Results ලැබෙන්නේ Perfect අයට නෙවෙයි—වැටුණත් නැවත නැගිටලා Continue කරන අයටයි! 💪

දවසක් Diet එක වැරදුණා කියලා මුළු සතියම අතහරින්න එපා. Workout එකක් Miss වුණා කියලා මුළු මාසයම නවත්වන්නත් එපා.

පුංචි Progress එකත් Progress එකක්!

අද විනාඩි 20ක් ඇවිදින්න.
අද එක Workout Session එකක් කරන්න.
අද හොඳ ආහාරයක් තෝරාගන්න.
අද වැඩිපුර වතුර බොන්න.
අද ඔයාගේ ශරීරය වෙනුවෙන් හොඳ තීරණයක් ගන්න.

මේ පුංචි තීරණ දවසින් දවස එකතු වෙලා තමයි ලොකු වෙනසක් ඇති කරන්නේ.

Ladies, අනිත් හැමෝම වෙනුවෙන් දවසම මහන්සි වෙන ඔයා, ඔයා වෙනුවෙන් දවසකට එක පැයක් වෙන් කරන එක Selfish නෙවෙයි—ඒක Self-Care එකක්! ❤️

තවත් මාස තුනක් කිසිම දෙයක් නොකර ගෙවුණොත්, අවුරුද්ද අවසානයේ ඔයා ආයෙත් කියයි:

“අනේ, එදා පටන්ගත්තා නම් අද වෙනකොට මම ගොඩක් වෙනස්!”

ඒ වාක්‍යය මේ අවුරුද්දෙත් කියන්න ඉඩ දෙන්න එපා.

January වෙනකම් බලාගෙන ඉන්න එපා.
Monday වෙනකම්වත් බලාගෙන ඉන්න එපා.

ඔයාගේ ජීවිතය වෙනස් කරන්න හොඳම දවස අදයි!

හැදෙනවා නම් තව මාස 3ක් තියෙනවා…

අනිත් අයට පෙන්වන්න නෙවෙයි—ඔයාට පුළුවන් කියලා ඔයාටම ඔප්පු කරන්න! 💪🌸

අවුරුද්ද අවසන් කරනකොට අලුත් ශරීරයක් විතරක් නෙවෙයි, අලුත් Energy එකක්, Confidence එකක් සහ තමන් ගැන ආඩම්බර වෙන ශක්තිමත් කාන්තාවක් විදිහට ඉන්න—අදින්ම පටන්ගන්න! ❤️🔥

Photos from Get Shaped with Methma's post 25/09/2026

🌸Ms Amali ගේ දවසේ Meals ටික! 🥗💪

Diet කරනවා කියන්නේ බඩගින්නේ ඉන්න එකවත්, රස නැති කෑම කන එකවත් නෙවෙයි!

මේ බලන්න Ms Amali එයාගේ Meals ටික හරිම ලස්සනට plan කරලා, අවශ්‍ය පෝෂණය ලැබෙන විදිහට එකිනෙකට ගැළපෙන්න සකස් කරගෙන තියෙනවා. 👏❤️

✅ නියමිත ප්‍රමාණයට කෑම
✅ Protein, Carbohydrates සහ Vegetables සමබරව
✅ වේලාවට Meals ලබාගැනීම
✅ තමන්ගේ Goal එකට ගැළපෙන Meal Plan එකක් follow කිරීම

Weight Loss හෝ Fat Loss Results ලැබෙන්නේ කෑම නොකා ඉඳලා නෙවෙයි, නිවැරදි දේ, නිවැරදි ප්‍රමාණයට, consistency එකෙන් ආහාරයට ගැනීමෙන්! 🔥

ඔයාලත් Meals skip නොකර, මේ වගේ හොඳින් plan කරලා කන්න. පුංචි හොඳ පුරුදු දවසින් දවස එකතු වුණාම ලස්සන Results ලැබෙනවා! 💕✨

Well done, Ms.
Amali PeirisAmali Peiris! Keep going! 💪❤️

24/09/2026

🔥 OCTOBER INTAKE – NOW OPEN! 🔥

ඔයා බලාපොරොත්තු වෙන CHANGE එකට තව මාස 3යි!
“ලබන මාසේ පටන් ගන්නවා” කියලා තවත් කල් දාන්න එපා අදම START කරමු! 💪❤️

🌸 LADIES ONLY FITNESS CLASSES

✅ Fat Loss & Body Toning
✅ Power Cardio
✅ HIIT & Core Workouts
✅ මාසයකට Classes 25+
✅ FREE Diet Plans 4ක්
✅ FREE Admission

📍 Sanhinda Leisure Center – Nugegoda

ඔයා කැමති Morning ද Evening ද කියලා WhatsApp message එකක් දාන්න.👇

📲 +94 (74) 381 1522

Limited registrations available—JOIN NOW! 🔥

23/09/2026

පහුගිය දවසක මගේ student කෙනෙක් එක්ක කතා කරද්දී එයා මෙහෙම කිව්වා.

“Coach, මට Workout එක දිගටම කරගෙන යන්න අමාරුයි. Exercise කරද්දී ඇඟට හරිම අමාරුයි.”

මම එයාට කිව්වේ මෙච්චරයි…

“අලුත් දෙයක් පටන් ගත්තම හැම වෙලාවෙම ඒක පහසු වෙන්නේ නැහැ. මුලදී ඇඟට මහන්සි දැනෙයි, හුරු නැති අපහසුවක් දැනෙයි. ඒක සාමාන්‍යයි.”

අපේ ජීවිතයේ හැම වගකීමක්ම අපි සතුටින් කරනවද?

දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, රැකියාවේ වැඩ… සමහර දවස්වල ඒ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ.

ඒත් අපි ඒවා කරනවා.

මොකද අපි දන්නවා ඒවා අපේ ජීවිතයට වැදගත් කියලා.

Workout එකත් ඒ වගේමයි. 💪

හැමදාම Motivation තියෙන්නේ නැහැ. හැමදාම Energy එක තියෙන්නෙත් නැහැ. Healthy Food කන්න හිතෙන්නේ නැති දවස් තියෙනවා.

ඒත් ඔයාට පුළුවන් තරමින් එදාටත් ඔයා වෙනුවෙන් පෙනී සිටින්න.

කැමති දේවල් විතරක් කරන එකෙන් Discipline එක හැදෙන්නේ නැහැ. කරන්න අකමැති දවසක වුණත් තමන්ගේ අරමුණ වෙනුවෙන් අවශ්‍ය දේ කරන එකෙන් තමයි Discipline එක හැදෙන්නේ. ❤️‍🔥

දැන් ඒ studentට Workout එක දවසේ සාමාන්‍ය පුරුද්දක් වෙලා. Workout එක මඟහැරුණොත් දවසේ වැදගත් දෙයක් අමතක වුණා වගේ එයාට දැනෙනවා.

ඒ වෙනස එක දවසින් සිදුවුණේ නැහැ.

දවසින් දවස තමන් වෙනුවෙන් පෙනී සිටීමෙන් තමයි ඒ පුරුද්ද ගොඩනැඟුණේ.

Motivation එක ඔයාව ආරම්භ කරවයි.
Discipline එක ඔයාව ඉලක්කය දක්වා ගෙනයයි! 💪❤️

19/09/2026

Workout එකක් කරන්න, වතුර වැඩිපුර බොන්න, හොඳ ආහාරයක් තෝරගන්න…
අද කරන පුංචි වෙනසක් හෙට ලොකු Result එකක් වෙයි! 🔥

Photos from Get Shaped with Methma's post 16/09/2026

📰❤️ “තරුණි” පුවත්පත සමඟ මගේ ලිපි ගමන…

කාන්තාවන්ගේ සෞඛ්‍යය, Fitness, පෝෂණය සහ යහපත් ජීවන රටාව පිළිබඳ නිවැරදි දැනුම සරලව බෙදාගැනීමේ අරමුණින්, මේ වනවිට “තරුණි” පුවත්පත සඳහා ලිපි 16ක් ලිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. ✍️✨

Fitness Coach කෙනෙක් විදිහට මගේ අත්දැකීම් සහ Sports Science & Fitness පිළිබඳ දැනුම භාවිත කරමින්, කාන්තාවන්ගේ ජීවිතවලට වටිනාකමක් එක් කළ හැකි කරුණු සෑම ලිපියකින්ම ඉදිරිපත් කිරීමට මම උත්සාහ කරනවා. 💪🌸

මගේ ලිපි කියවපු, අදහස් බෙදාගත්ත සහ හැමදාම මාව දිරිමත් කළ ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️

මේ ගමනේදී පළවූ ලිපි එකින් එක නැවත ඔබ සමඟ බෙදාගන්නයි මේ Article Series එක. 📖✨

දිගටම මාත් එක්ක රැඳී සිටින්න—තවත් වටිනා Fitness සහ Health දැනුම රැගෙන එන්නම්. 💗

Coach Methma Nanayakkara
B.Sc. Sports Science & Fitness
Founder – Get Shaped with Methma

Photos from Get Shaped with Methma's post 14/09/2026

Workout කරන Ladiesලාට විතරක් තේරෙන කතා 7ක්

Relatable නම් Like කරන්න ❤️ | Workout partnerව Tag කරන්න 👇 | Share කරලා එයාටත් මතක් කරන්න! 🤣💪

13/09/2026

අද දවල්ට Filling Meal එකක් 😋❤️
Healthy, nutritious & satisfying! 🥗🍚🐟🥭

Carbs, protein, vegetables, fruits සහ Greek yogurt එක්ක balanced meal එකක්. 💪✨

Sunday නිසා body එකටත් mind එකටත් පොඩි reset එකක්.

Get Shaped with Methma 12/09/2026

🌸 මිනිස්සුන්ට තව කෙනෙක්ගේ වැරැද්දක් පේන්න හරිම ලේසියි…
හැබැයි හොඳ දෙයක් දැකලා ඒක අගය කරන්න හැමෝටම හිතෙන්නේ නෑ. ❤️

“අද ඔයා ලස්සනයි.”
“ඔයාගේ ඇඳුම ලස්සනයි.”
“දැන් ඔයා හොඳට වෙනස් වෙලා.”
“ඔයා කරන දේ ඇත්තටම හොඳයි.”

මේ වගේ වචන සමහර වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.

ඒත් ඒ වචන අහන්න නොලැබුණා කියලා ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නෑ.

කවුරුත් අගය කළේ නැති වුණාට,
කවුරුත් compliment එකක් දුන්නේ නැති වුණාට,
කවුරුත් ඔයාගේ progress එක දැක්කේ නැති වුණාට…

ඔයා ඔයා ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. 💪❤️

ඒ වගේම කිසිම කෙනෙක්ගේ වචනයකට ඔයාව වට්ටන්න දෙන්නත් එපා.

කෙනෙක් කියන දෙයක් නිසා ඔයා ගැනම සැක කරන්න එපා.
කෙනෙක්ගේ opinion එකක් නිසා ඔයාගේ ගමන නවත්තන්න එපා.

ඔයා Weak නෑ. ❤️‍🔥
ඔයා හිතනවටත් වඩා Strong.

ඔයා කොච්චර දුර ආවද කියලා ඔයා දන්නවා.
ඔයා කරපු කැපකිරීම් ඔයා දන්නවා.
ඔයා පහුකරපු අමාරු දවස් ගැනත් ඔයා දන්නවා.

ඒ නිසා හැමදාම අනිත් අයගෙන් approval එකක් බලාගෙන ඉන්න එපා.

මුලින්ම ඔයා, ඔයාව අගය කරන්න.
ඔයා ගැන විශ්වාස කරන්න.
ඔයාටම ආදරය කරන්න. ❤️

මතක තියාගන්න…

ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ අනිත් අයගේ වචන නෙවෙයි.
ඔයා ඔයා ගැන තියෙන විශ්වාසයයි. 💗

🌸 මේ Motivation එක අද ඔයාටමයි…
කිසිම කෙනෙක්ට ඔයාව වට්ටන්න දෙන්න එපා.
Keep going. You are stronger than you think. 💪🔥

❤️ මේ Motivation එක ඔයාටත් වැදගත් කියලා හිතෙනවා නම් Like කරන්න 👍
තවත් කෙනෙක්ට ශක්තියක් වෙන්න Share කරන්න. 💪🔥

💪💗🔥

Get Shaped with Methma

Category

Telephone

Website

Address


Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Get Shaped with Methma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nugegoda.